මීගොඩ වෙඩි තැබීම ඒ අසල පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකුගේ ස්ථාන මාරුකිරීම දක්වා දුරදිග යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): ඊයේ (12) අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලකෑමේ සිදුවීමට අදාළව, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය කියා සිටී.

සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (12) අලු‍යම කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු එහි වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලා ගොස් තිබුණි.

පොලිසිය සඳහන් කළේ , මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්වය බරපතල නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...