අත්වැල ගිලිහෙන්නට නොදී තම පෙම්බරියගේ දෑත් අල්ලා ඇවිද යන රජු චාල්ස්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිළිකා රෝගයකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පළමුවරට ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, චාල්ස් රජු සැන්ඩ්‍රින්හැම්හි දේවස්ථානය වෙත පසුගිය සෙනසුරාදා ගොස් ඇති බවයි.

විදෙස් මාධ්‍ය පැවසූවේ, චාල්ස් රජු තම බිරිඳ වන කැමිලා සමග දේවස්ථානයෙන් පිටත ඇවිද යන අවස්ථාවේ මහජනතාව වෙත අත දිගු කරමින් සිය ප්‍රතිචාරය දක්වා ඇත. තමන් රෝගී වූ බව දැන ගැනීමෙන් පසු තමන්ට සහයෝගය දැක්වූ සහ නිරෝගි සුවය පැතූ සැමදෙනාට චාල්ස් රජු ස්තූතිය පළ කළ බවයි.

චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව පසුගියදා බකිංහැම් මාලිගය පළමුවරට ප්‍රසිද්ධියේ නිවේදනය කළ අතර රජුගේ පිළිකාව හඳුනාගනු ලැබුවේ, විශාල වූ පුරස්ථි ග්‍රන්ථිය සඳහා ලන්ඩන් නුවරදී ප්‍රතිකාර ලබමින් සිටියදීය.

විදෙස් මාධ්‍ය පවසන්නේ නමුත් රජුට වැළඳී ඇති පිළිකාව කුමක්දැයි තවමත් අනාවරණය වී නොමැති බවත්, එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන බවත් මාලිගය තහවුරු කර ඇති අතර, රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම හේතුවෙන් චාල්ස් රජු මහජනතාව හමුවී සිදු කරන සියලු රාජකාරීවලින් ඉවත් වී තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...