*
Saturday, November 2, 2024
spot_img

Latest Posts

විරේන් සහ බුවනෙක කේවල යුගල දෙ’අංශයෙන්ම පෙරට

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 15 කොළඹ (LNW): ගාල්ල දඩල්ල ගෘහස්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ලීනින්ග් ජාත්‍යන්තර බැඩිිමින්ටන් සූරතාවලියේ ඵලමු වටයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සහඵාගි වන ක්‍රීඩකයින් අතරින් විරෙන් නෙත්තසිංහ සහ බුවනෙක ගුණතිලක පිරිමි කේවල තරග අංශයෙන් මෙන්ම,දෙදෙනා එක්ව පිරිමි යුගල තරග අංශයෙන් ද ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුණා.පිරිමි කේවල අංශයේ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකට සිටින ක්‍රිඩකයා වන විරේන් ඊයේ ඔන්ග් ටේ ඒර්න් පරාජය කරමින්,තරගාවලියේ දවසේ පළමු ජයග්‍රහණය ලබා ගත්තා.ලකුණු තත්ත්වය වූයේ ලකුණු 21 -11 සහ 21 -16 ක් වූවා.බුවනෙක විසින් පරාජයට පත් කරන ලද්දේ ඉන්දියානු ක්‍රීඩක ශන්කර් සරත්වට් පරාජයට පත් කළා.එම තරගයේ ලකුණු තත්ත්වය ලකුණු 6-21,23-21,21-8 ලෙස දැක් වුණා.


යුගල තරග අංශයේදි එක්ව තරග වදින විරෙන් සහ බුවනෙක විසින් ලකුණු 21 – 17 සහ 21 – 12 ක් ලෙස තායිලන්තයේ ටන්යාතෙප් සනිට්පොන්ග් සහ නුට්ටාපොන්ග් විරියාකිට් පරාජය කරනු ලැබුවා.යුගප අංශයේ දී විරෙන්ට සහ බුවනෙකට අමතරව ඔෂ්මික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු ද,දිනුර රශ්මික සහ සියත් සේනාරත්න ද,නෙතිල් මුණසිංහ සහ මනෙත් තීක්ෂණ ද ජයග්‍රාහී යුගලයන් අතරට එක්වෙමින් දෙවන වටයට සුදුසුකම් ලබා ගත්තා.ඒ අතරින් නෙතිල් සහ මනෙත් සැම්බියාවේ ජන්ගන් ජානා සහ වීරපාණ්ඩි ජයරාමන් පරාජයට පත් කරමින් ලකුණු 21 – 9 ක් සහ 21 – 5 ක් ලෙස ජය ගත් අතර සෙසු ශ්‍රී ලංකා යුගල දෙකම දෙවන වටයට පිවිසීම සඳහා පරායට පත් කළේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක යුගලයන්ම වීම විශේෂත්වයක් වුණා.


එ්කල පිරිමි තරගවලදී බුවනෙක සහ විරෙන්ට අමතරව දුමිදු අබේවික්‍රම විසින් ලක්ෂේ ෂර්මා පරාජයට පත් කළා.එහි ලකුණු තත්ත්වය සටහන් වුණේ ලකුණු 21 -18 සහ 21 – 18 ක් ලෙසයි.ලකුණු 22 -20 සහ 21 – 15 ක් ලෙස රසිඳු හෙන්දහේවා ද සිය ඉන්දීය ප්‍රතිවාදියා වූ සමරවීර් පරාජයට පත් කරන්නට සමත් වුණා.


කාන්තා කේවල අංශයෙන් ජයග්‍රහණය කරන්නට සමත් වුණේ සුහස්නි විදානගේ පමණයි.ඇය විසින් ඉන්දීය ක්‍රීඩිකා හ්‍රීස්සා ඩුබි පරාජයට පත් කරන්නට සමත් වුණා.ලකුණු තත්ත්වය දැක් වුණේ
21-17, 21-12 ලෙසයි.ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාව වන රනිත්මා ලියනගේ ඉන්දුනීසියාවේ චියාරා මාවෙල්ලා ඉදිරියේ තියුණු සටනකින් පසුව ලකුණු 21-19, 13-21, 21-17 ලෙස පරාජයට පත් වුණා. කාන්තා යුගල සහ පිරිමි යුගල තරග ආරම්භවීමට නියමිතව ඇත්තේ අදයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan