යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන අදහස් වාචිකව ලබා ගැනීම අද!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): අද (15) දින කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදී යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන අදහස් වාචිකව ලබා ගැනීමසිදු කෙරේ.

පුද්ගලයින් 30 දෙනෙකු පමණ වාචික අදහස් ලබා දීමට ලියාපදිංචි වී තිබෙන අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරන්නේ වර්තමාන විදුලි ගාස්තු සියයට 20 ත් 25 ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමිය හැකි බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව කළ විශ්ලේෂණයකට අනුව

මේ අතර මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ලබන මාර්තු මාසයට පෙර, විදුලිය ගාස්තු
සංශෝධනයට පියවර ගන්නා බවයි.

පසුගිය වර්ෂයේ විදුලි බල මණ්ඩලය උපයා ගත් ලාභය සහ එම වර්ෂය අවසන් වන විට පැවති යහපත් ජල විදුලිය ධාරිතාව සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කරන්නැයි, මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. ජනවාරි 16 වැනිදා සියයට 3.34 විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන්නේ ඒ අනුවයි.

එම යෝජනාවේ ඇතුලත් කරුණු සම්බන්ධයෙන් විධිමත් නිරීක්ෂණයක් කල, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, පසුගිය 23 වැනිදා ඊට අදාළ ලේඛනයක් ද ඉදිරිපත් කර තිබිණි. කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව 2024 වර්ෂය සඳහා මෙගාවොට් සීයක විදුලිය මිලදී ගැනීමක් යෝජනාවට ඇතුලත් කර ඇති බවත්, ජනන බලපත්‍ර නොමැති විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...