හිටපු ජනාධිපති සහ ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් අතර හමුවක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය අතර හමුවක් ඊයේ (14) පැවැත්වූ බව වාර්තා වේ.

එහිදී, ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූ බව සඳහන්.

එම සාකච්ඡාවේ ඉදිරි පියවර ගණනාවක් ඉදිරි මාස කිහිපය ඇතුළත ක්‍රියාවට නැංවීමට නියමිත බව වාර්තා වේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට දක්වන නොමසුරු සහයෝගය පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කළා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සජින්ද වාස් ගුණවර්ධන මහතා, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ මහතා සහභාගී වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...