ඩුබායි හි සැඟවී සිටි අපරාධ කල්ලි සාමාජිකයකු CIDය මෙරටට රැගෙන එයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, අද (15) අලුයම ඩුබායි හි සැඟවී සිටි අපරාධ කල්ලි සාමාජික පියුම් හස්තික නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බවයි.

සංචාරයක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නදුන් චින්තක හෙවත් හරක් කටා සහ ඔහුගේ කුප්‍රකට සගයකු වන සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් 2023 මාර්තු 11 වැනිදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර, පසුව එම නිලධාරීන් මාර්තු 15 වැනිදා ‘කුඩු සලිඳු’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිණ, ඔවුන් දෙදෙනා දින 90 ක් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ නියෝගයක් ලබා ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...