යුක්රේන සටන්වලදී මියගිය රුසියානුවන් ගැන පරස්පර සංඛ්‍යා ලේඛන – රුසියාව 500 යි කියද්දී ඇමරිකාව 6000 ක් කියයි

Date:

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර සති දෙකක් ගතවෙද්දී රුසියානු සෙබළුන් 5000 – 6000 අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. තවත් 18,000 කට ආසන්න සෙබළුන් පිරිසක් තුවාල ලබා ඇති බව ඇමරිකානු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

මෙම සංඛ්‍යා පිළිබඳ සැළකීමේදී දෙවැනි ලෝක යුද සමයේදී සිදු වූ හානිය හා සමාන හානියක් සිදුවන බවට උපකල්පනය කළ හැකි බවද ඇමරිකාව පවසනවා.

මේ අතර යුක්රේනය පවසන්නේ අවම වශයෙන් රුසියානු සෙබළුන් 12,000 ක් වත් මියගොස් ඇති බවයි.

කෙසේ නමුත් රුසියාව පවසන්නේ තවමත් මියගොස් තිබෙන්නේ සෙබළුන් 500 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි. යුක්රේන හා ඇමරිකානු සංඛ්‍යා ලේඛන ප්‍රතික්ෂේප කරන රුසියාව පවසන්නේ අවම හානියක් සමග සටන් ඉදිරියට යමින් තිබෙන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...