අන්තරේ අද ජනතා නිදහස් සභාගයේ නායකයන් හමුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ජනතා නිදහස් සභාගයේ එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා සහ චරිත හේරත් මහතා සමඟ අද (15) දින හමුවක් පවතවා ඇත.

එහිදී අදහස් දැක්වූ චරිත හේරත් මහතා,

” විශ්ව විද්‍යාල ළමයි අපිට ප්‍රකාශ කරා විශ්ව විද්‍යාල වල මේ දිනවල විශාල කප්පාදුවක් තියෙනවා කියලා,ඒ අයට අවශ්‍ය පහසුකම් සහ දීමනා, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟකමක්, සහ විවිධ අවශ්‍යතාවල කප්පාදුවක් සිදුවන බව ඔවුන් ප්‍රකාශ කළා, ඒ වගේම ඔවුන්ට මේ දිනවල නේවාසිකාගාර පහසුකම්වල විශාල අඩුපාඩුවක් තියෙන බව ප්‍රකාශ කළා, එමෙන්ම රට තුළ ක්‍රියාත්මක වන දැවැන්ත මර්දන කියාදාමය පිළිබඳවද ඔවුන් අදහස් පල කළා, මේ නිසා ඔවුන්ගේ පොදු සටන් ක්‍රමයකට අපිට සහයෝගය ලබා දෙන්න ලෙස ඔවුන් ඉල්ලා සිටියා, මේ ප්‍රශ්න පිළිබඳව අපි පාර්ලිමේන්තුවේදිත් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා”

කෙහෙලිය රඹුක්කැල්ල පිළිබඳවද අදහස් දක්වා ඇත,

කැබිනට් ඇමතිවරයෙක් වංචා දූෂණවලට ලක්වෙලා කියලා චෝදනාවට ලක්වෙලා තියෙනවා නම්, ඔහු අමාත්‍ය ධූරුවලින් ඉල්ලා අස්විය යුත්තේ ඔහු රිමාන්ඩ බන්ධනාගාරගත වූ අවස්ථාවේමයි, නමුත් ඔහු අස්වීමක් සිදු වුනේත් නැහැ ජනාධිපතිවරයා ඔහු අස්කරෙත් නැහැ, මේක මහා විහිළුවක්, ක්‍රිකට් වලට වංචා දූෂණවලට සම්බන්ධව කතා කරපු රොෂාන් රණසිංහටනං ඉල්ලා අස්වීම වහාම දෙන්න කියලා කිව්වා, එහෙම කියලා ඔහු ඉක්මනට අස් කරලා දැම්මා, නමුත් බරපතළ වංචා දූෂණවලට කැබිනට් අමාත්‍යවරයෙක් බන්ධනාගත කරලා තිබුණත් ඔහු අස් කරන්න කටයුතු කළේ නෑ, මේ නිසා මෙහි දූෂණ විශාල වශයෙන් මෙම ආණ්ඩුවේම තියෙනවා,

NMR එක සම්බන්ධව

දැන් මේකෙ ඉන්නේ ආනන්ද විජේවික්‍රම එතුමා මේක හරියට කරගෙන යයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා,ඒ වගේම මෙහි විශාල වංචා දූෂණ ඔහුගේ කාලයේ සිදුවුණා,ඒ වගේම පසුගිය දිනවල බෙහෙත් කුප්පි වල විවිධ විවිධ ද්‍රව්‍ය තිබුණා කියලා කිව්වා අපි කණගාටු වෙනවා මේ ආණ්ඩුව මේ වෛද්‍ය ක්‍රමය පිළිබඳව ජනතා විශ්වාදය අඩු කිරීම සම්බන්ධ

මේ ආණ්ඩුව පාර යන්න බය තත්ත්වයට පත් කරලා තියෙනවා,වෙබ් එකේ මැසේජ් එකක් දාන්න බැරි තත්වෙට පත් කරලා තියෙනවා,බෙහෙත් ගන්න බය හිතෙන තත්ත්වයට පත් කරලා තියෙනවා,මුළු රට ගැනම බය හිතෙන තත්ත්වයකට පත් කරලා තියෙනවා අපි හිතනවා ඉක්මනටම ඡන්දයක් තියලා ජනතාවගේ ඇත්ත කැමැත්ත ලබාගන්න කටයුතු කරයි කියල.

ජනාධිපතිවරණය සම්බන්ධව-


” ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම තියන්න වෙනවා, ඒක කල් දාන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බැහැ JVP අර්බුදකාලෙත් මැතිවරණය තියන්න සිද්ධ වුණා,ජනාධිපතිවරණය කල් දානවා කියන්නේ නොවැම්බර් මාසෙන් පස්සේ මෙරටේ ජනාධිපතිවරයෙක් නැතිවෙනවා කියන එක මිසක් ඉන්න කෙනාගේ කාලය දීර්ඝ කරනවා කියන එක නෙවෙයි, යම් හෙයකින් කල් ගියොත් රට ව්‍යවස්ථාවනුකූලව විශාල අර්බුදයකට යනවා, ව්‍යවස්ථා සංශෝධනයකට යන්න බැහැ එහෙම යන්නනම් තුනෙන් දෙහෙක බලය තියෙන්න ඕන ජනාධිපතිවරණයකට යන්න බැරුව කොහොමද ජනමතවිතාරණයකට යන්නෙ’

ලෙස චරිත හේරත් මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...