ඉන්දියාව උදවු කරයි ද?

Date:

ඉන්දියාව දකුණු ආසියානු කලාපයේ බලවතා පමණක් නොව, ලෝක ආර්ථික බලවතකු ද වන්නේය. ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ බලවතුන්ගේ පුටුවක් ලැබිය යුතු යැයි වරක් යෝජනා විය. ශ්‍රී ලංකාව මේ යෝජනාවට පක්ෂව ක්‍රියා කළේය. ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හොඳ හිත හා සහයෝගය වැදගත් වන්නාසේම ශ්‍රී ලංකාවටද ඉන්දියාවේ ආර්ථික සහයෝගය අත්‍යවශ්‍ය වේ.

ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව ඊළඟ දසක කිහිපය තුළදී ඉන්දියාව බලවත් ආර්ථික දියුණුවක් ලබනු ඇත. ඇතැම් විට එය චීනය අබිබවා යන ආර්ථික දියුණුවක් වීමට ද පුළුවන. අපේ දොරකඩ ඇත්තේ මහා වෙළෙඳපොළකි. එම වෙළෙඳපොළ හෙවත් ඉන්දියාව අපේ ආර්ථික පිම්මට ශක්තියක් කර ගත යුතුය.

ශ්‍රී ලංකාව තාවකාලික වුව බලවත් ආර්ථික පීඩනයකට හසුවී ඇත. එය සැඟවිය යුතු දෙයක් නොවේ. ලොව ප්‍රකට ඇතැම් ජනමාධ්‍ය ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑම අතිශයෝක්තියෙන් යුතුව වාර්තා කරන බව ද දැක ගත හැකිය. කෙසේ වුව පවතින ආර්ථික පීඩනය සුළුපටු එකක් නොවේ. විදේශ විනිමය හිඟය. ණයබර, බලශක්ති අර්බුදය හා තවත් දේවල් ආර්ථික අර්බුදයේ ප්‍රධාන ලක්ෂණ ලෙස පවතී. තෙල් නැව් හා ගෑස් නැව් පැමිණ ඇතත්, ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ක්ෂණිකව ලබා ගත නොහැකිය. මේ අනුව ඩොලර් සොයා ගෙන තෙල් නිදහස් කරගන්නා විට නැවට ප්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුවේ. එය තවත් අර්බුදයකි.

අවශ්‍ය නම්, ඉන්දියාවෙන් හදිසි ණයක් ලබා ගත හැකිය. නැත හොත් ගිවිසුමකට එළැඹෙමින් තෙල් ගැනීමේ වැඩසටහනක් ආරම්භ කළ හැකිය. ඉන්දියාවේ දැවැන්ත ආර්ථිකය දෙස බලන විට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සුළු දෙයකි. ශ්‍රී ලංකාවට වෙනත් අංශවලින් ද ඉන්දියාවෙන් ආධාර ගත හැකිය. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් කාබනික වගාවට ප්‍රසිද්ධය. එරට කාබනික වගාවේ අස්වැන්න යුරෝපා වෙළෙඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වෙයි. එරට තරුණ පරම්පරාව කාබනික වගාවට මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට ද යොමු වී සිටිති. ඉන්දියාව කාබනික වගාවට හුරුවන්නේ 2003 පමණ කාලයේය. මේ වන විට එය ප්‍රචලිත වගා ක්‍රමයකි.

ඇතැම් දේශපාලන කණ්ඩායම් ඉන්දියාව පිළිබඳ භීතිකාවක පසු වන්නේ වුව පරිණත දේශපාලකයන් ඉන්දීය භීතිකාව පුස්සක් සේ සලකා ක්‍රියාකරනු දැක ගත හැකිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මානුෂීය මෙහෙයුම සඳහා ඉන්දියාවෙන් බොහෝ දේවල් ලබා ගත්තේය. ඉන්දියාවේ සහයෝගය නොවන්නට යුද්ධය ජය ගැනීම ද දුෂ්කර වනු ඇත. දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයට අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව හොඳින් කළමනාකරණය කරගත් නිසා ත්‍රස්:තවාදය නිමාවට පත් විය. එසේ නොවන්නට බෙදුම්වාදීන්ට ඉන්දියාවේ සහයෝගය ලැබෙනු ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් අතර පැවති දුරකතන සංවාදය ඉතා වැදගත් එකකි. මේ සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින් අවශ්‍ය ඉලක්ක කරා ගමන් කළ යුතුව තිබේ.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් ට්‍රම්ප්ට කිසිවක් ලැබී නොමැති බව ඉරාන උත්තරීතර නායක කමෙනි කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා යොවුන්...

සමකාලීන තාරුණ්‍යය ජනප්‍රියවාදී ප්‍රවේශයකින් : වාලම්පූරි සහ දියමන්ති !

තරුණ සිනමා අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පූරි...

හිතාගන්න බැරි අයට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. නඩු පෝලිමක් එනවා – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් 40 කට වැඩි ප්‍රමාණයකට...