කෙහෙළිය උසාවි නොඑයි. 29 දක්වා යළි රිමාන්ඩ්

Date:

ප්‍රමිතියෙන් තොර හිමියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධිය අදාළව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනා පෙබරවාරි 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඊයේ (15) දිනයේදී එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී සැකකරුවන් හයදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

වෛද්‍ය වාර්තාවක් අනුව හිටපු අමාත්‍යවරයාව ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව පැවසූ බන්ධනාගාර නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ පෙබරවාරි 22 වනදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවකි.

සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණය සඳහා නිසි සහයෝගයක් නොදැක්වූ, දැනට විදේශගතව සිටින, වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ජයනත් බුත්පිටිය මහතාව ලබන 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අදාළ නියෝගය ඔහුට ඊමේල් පණිවිඩයක් මගින් යොමුකරන ලෙසත් නියෝග කළා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...

ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...