කෙහෙළියට එරෙහි තවත් නඩුවක විරෝධතා ගැන තීන්දුවට දින නියම වෙයි

Date:

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී තමන්ට නීත්‍යානුකූලව හිමි ජංගම දුරකථන දීමනා සීමාව ඉක්මවා යමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සිය ජංගම දුරකථන බිල පියවීම සඳහා යොදාගැනීම තුළින් අල්ලස් පනතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී ඒ මහතාගේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධ තීන්දුව මාර්තු 07 වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (16) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ප්‍රමිතියෙන් තොර එන්නත් තොගයක් මිලදීගෙන කෝටි ගණනක් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනට රක්ෂිත බන්ධානාගරගත කර සිටින අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්වයක පසුවන්නේ නම් ඔහුව මාර්තු 07 වනදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ද මෙම නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...