හඳුන්නෙත්ති මේ කියන්නේ ජාජබ ආණ්ඩුවක් හදාගෙන සතුටින් පෝලිම්වල ඉමු කියලාද ?

Date:

ලංකාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ තමන් බලයට පත් කළ නායකයින්ගේ අම්මා මතක් කරමින් වන නමුත් කියුබාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ ෆිදෙල් කැස්ට්‍රෝ සහ චේ ගුවේරා සිහිකරමින් සතුටින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

දීර්ඝ ෆේස්බුක් සටහනක් තබමින් ඒ මහතා සඳහන් කරන්නේ මේ පෝලිම් දෙකේ වෙනස තේරුම්ගත් දවසට ලංකාවේ ජනතාව ජයග්‍රහණය කරන බවකි. මෙම සටහනට ජාජබ අනුගාමිකයින් ඉහළින්ම කැමැත්ත දක්වා ඇති බවත් එහි ප්‍රතිචාර අනුව පෙනේ.

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ ආරාධනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවාගෙන අපේ රටේ ජනතාවටත් රෝහණ විජේවීර සහ අනුර දිසානායක මහත්වරුන් සිහිපත් කරමින් අවුරුදු හැටක්, හැත්තෑවක් සතුටින් පෝලිම්වල සිටින්නදැයි කියා අපට පැහැදිලි නැත …

සුනිල් හඳුන්නෙත්ති මහතා සිය ෆේස්බුක් පිටුවෙහි පළ කළ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


කියුබාවේ පෝලිම් සහ ලංකාවේ පෝලිම් !

කියුබානු ජනතාව දුක් විදිමින් පෝලිම් වල ලතවෙන බව ලංකාවේ පෝලිම් යුගය අවසන්කල ආර්ථික ඔස්තාද්ලා පහුගිය කාලයේ කම්පා විය.!

කියුබාව කස්ත්‍රෝ ගේ විප්ලවය නිසා පෝලිම් යුගයට ඇද වැටුනේය.. !
ජේ ආර් ගේ ඕපන් ඉකොනොමි ආශ්චර්ය නිසා ලංකාව පෝලිම් යුගය අවසන් කොට ගොඩ ගියේය.. !
ඒ කාලේ පෝලිම් ගැන විග්‍රහය එහෙම ය.

ආර්ථිකය විවෘත කල නිසා වොෂිං මැෂින්.. ෆිජ් .. ටී වී .. තව බොහෝ දේ පහළ විය.. !

ඒ කාලේ පලිගු මැනිකේ ටෙලි නාට්‍ය යේ සූරසේන ලා පට් පට් ගා සල්ලි හොයාගෙන පට් පට් ගා වියදම් කලේය… !

දැන් ලංකාවේ ජනතාව ද පෝලිමේ ය.
කියුබාව වගේම ය.
නමුත් පැහැදිලි වෙනසක් ඇත්තේය. !

ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ තමන්ම පත් කළ නායකයා ගේ අම්මා මතක් කරමින්ය. ඒ තමන් ගැසූ කතිරයට – තමන් ටම සාප කරගනිමින්ය . කියුබානු ජනතාව පෝලිමේ ඉන්නේ චේ ෆිදෙල් මතක් කරමින් ඔවුන් ගැන ආඩම්බරයෙන් ය. තමන් වෙනුවෙන් මෙන්ම ඇමරිකානු සම්බාධක වලට එරෙහිව ඔවුන් පෝලිමේ ඉන්නේ රට වෙනුවෙන් ය. !

ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ පොරකමින්ය ..අඩමින්ය .. එකිනෙකා ට ආඩපාලි කියමින්ය.. පාවාදෙමින්ය්… මරාගනිමින්ය.

කියුබානු ජනතාව පෝලිමේ ඉන්නේ ආඩම්බරයෙන් සිනාසෙමින්ය… සතුටින් ය. !
විද්‍යාව.. අද්‍යාපන ය .. ක්‍රිඩාව .. අවසානයේ විප්ලවයේ ප්‍රතිඵල දකිමින් පෝලිම් අවසන් වනු දකිමින් ය.

කියුබානු පෝලිම සම්බාධක වල ප්‍රතිඵල නිසා මිස කියුබානු ජනතාව තෝරාගත් නායකයින් වැරදි නිසා නොවේය. !
ලංකාවේ පෝලිම සම්බාධක නිසා නොව ජනතාව තෝරාගත් නායකයින් හා ප්‍රතිපත්ති නිසා මය.!

අද කියුබානු පෝලිම් අවසන් වෙමින් තිබේ. පෝලිමේ සිටියත් ඔවුන් සතුටු සිනාවෙන්ය .
ලංකාවේ පෝලිම් ආරම්භ වෙමින් තිබේ..
සතුට වෙනුවට සතුට තිබූ මුහුණු වලින් ද
කදුළු වැගිරේ .. !

පෝලිම් වල වෙනස ජනතාව තේරුම් ගත් දා ..
ලංකාවේ ජනතාව දිනන දා ය.

  • සුනිල් හඳුන්නෙත්ති

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!

කොළඹ LNW:අද (21) නුගේගොඩ දී විපක්ෂයේ කණ්ඩායම කිහිපයක් විසින්...

ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්!

කොළඹ LNW:දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර...

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : පොලිස් මත්ද්‍රව්‍ය නාශක...

මැතිසබේට නෑගම් ආ නයා ….

පාරලිමේන්තුවේ කතානාදතුමාගේ කාර්යාලයට ගිය පාරලිමේන්තු සේවකයෙක් එකපාරටම ගල්ගැහුනේ ජනේලය...