සෞඛ්‍ය ඇමති සහ වෘත්තීය සමිති අතර අද තීරණාත්මක සාකච්ඡාවක්. සාර්ථක නොවුණොත් නැවතත් වර්ජනයක් !

Date:

පසුගිය දිනවල වැඩවර්ජනයේ නිරත වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව සඳහන්.

වෛද්‍යවරුන්ට ලබාදී ඇති DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් ගණනාවක වෘත්තීය සමිති ඉල්ලීමක් කර ඇති අතර ඔවුන් මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ඉල්ලීම් මුල්කරගනිමින් වැඩවර්ජන ද සිදු කළේය.

අවසන් වරට පෙබරවාරි 15 වනදා සිදුකළ වැඩවර්ජනය ඔවුන් තාවකාලිකව අත්හිටවූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ලැබුණු ලිඛිත පොරොන්දුවක් අනුව ය.

එම සාකච්ඡාව අද පැවැත්වෙන අතර එහිදී සාර්ථක විසඳුමක් නොලැබුණහොත් නැවත වැඩවර්ජනය ආරම්භ කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...