බංකොලොත් අප රටේ ජනතාවට, රටට, ගමට වැඩක් නොමැති අසාර්ථක රජයක් පවතින බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරණ බවත් මේ ආණ්ඩුවට මිනිසුන්ගේ පැත්තෙන් අයි.එම්.එෆ්. ගිවිසුමකට එළැඹීමට නොහැකි වූ බවත් ඔවුන් ලක්ෂ 220ට වඩා උග්‍ර පොහොසතුන්ව සුපිරි පොහොසතුන්ව රකිමින් කතා කිරීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවා අහිමි කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවිරෝධි පනත උපයෝගී කර ගෙන මිනිසුන්ගේ නිදහස සීමා කරන්න කටයුතු කරන බවත් සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය නැති කිරීමට උත්සාහ කරන බවත් මෙවැනි දුර්දාන්ත ආණ්ඩුවක් රට පාලනය කරමින් පාලකයන් සුපිරි ජීවිත ගත කරන විට පොදුජනතාව එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නේ අමාරුවෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුව කදුරුවෙල අල් මීනා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 102 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ සාප ආණ්ඩුවේ ආයුෂ මේ වසරෙන් ඉවරයි
ජනතාවට සාපයක් වූ ජන දුක හදුනන්නේ නැති වත්මන් රජය වෙනස් වීමේ වසර 2024 වසර බවත් මේ වෙනස්වීමත් සමඟ මෙරට අධ්‍යාපන පද්ධතිය උසස් වෙනස් මානයකට ගෙනවිත් දූදරුවන් දැනුමෙන් හැකියාවෙන් නිපුණතාවෙන් ශක්තිමත් කිරිම තුළ ජයග්‍රාහී දේශයක් බිහි කරන බවත් ඒ සදහා එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
‘අපිට පුළුවන්’ කියන ප්‍රතිපත්තියෙන් ඉදිරියට යා යුතුයි
තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය සඳහා ඉන්දියාව ලබා දුන් ප්‍රමුඛතාවේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විදේශ රටවල ශ්‍රම වෙළෙඳපොළට ගෘහ සේවිකාවන්ට වඩා තොරතුරු තාක්ෂණ නිපුණත්වයෙන් හෙබි ශ්‍රමිකයන් යවන බවත් ඉන්දියාවට එවැනි හැකියාවක් පවතින්නේ නම් අප රට ද එවැනි හැකියාවක් පවතින බවත් ‘අපිටත් පුළුවන්’ යන ප්‍රතිපත්තිය පෙරටු කර ගෙන ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට ළමා මාතෘ මන්දපෝෂණය ඉහළ යමින් ඇති මොහොතක සමගි ජන බලවේග රජයක් තුළ නැවත පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙමින් පාසල් දරුවන් සියලු දෙනාටම සුහුරු උපකරණයක් අදාළ ආරක්ෂණ පියවර අනුගමනමය කරමින් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 102ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1012ක් වැය කර තිබේ.
RN
