ජර්මනියට අයත් එම්.වී. සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා සෙවීමට ජාත්‍යන්තර සහය!

0
475

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): ජර්මනියට අයත් එම්.වී. සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි සතියේ ලැබෙනු ඇති බවත් , ඒ සම්බන්ධයෙන් මුලික වර්තාවක් මේ වනවිට ලැබී ඇති බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

ජාතික වෙළෙඳ නාවිකයින්ගේ සංගමය පවසන්නේ අතුරුදන්වූ එම ශ්‍රී ලාංකික තරුණයා සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගන්නා බවයි.

අදාල තරුණයා සොයා ගැනීම සඳහා අන්තර් ජාතික ප්‍රවාහකයින්ගේ සම්මේලනයෙන් ද සහය ඉල්ලා ඇති බව එහි සභාපති පාලිත අතුකෝරාල මහතා පැවසුවේය.

ජර්මනියට අයත් එම්.වී. සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී අතුරුදන්ව ඇත්තේ, චිරාත් සඳරූ නැමැති 21 හැවිරිදි තරුණයෙක් වන අතර , මිල්ලනිය , උඩුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල තරුණයා කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බව පැවසේ.

පසුගිය මස 2 වැනිදා, ඔහු එම්.වී. සන්චුකා නෞකාවේ සේවය සඳහා ගොස් ඇති බව සඳහන් වේ.