ආකර්ශනීය ගමනාන්තයක්

Date:

ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශයත් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා ඩුබායිහි පිහිටි එමිරේට්ස් මූලස්ථානයේ දී සිදු විය .

එමිරේට්ස් ගුවන් සේවය වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකාවට තම ගුවන් මෙහෙයුම් සිදු කරන අතර ශ්‍රී ලංකාව හා පළමු ගුවන් ගමන් ආරම්භ කර ඇත්තේ 1986 වසරේ අප්‍රේල් මස 01 වනදා ය.

එමිරේට්ස් සමාගම කොවිඩ් වසංගත කාලසීමාව තුළ ද ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කල ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගකි.

2021 ජනවාරි මස 26 වන දින සිට ශ්‍රී ලංකාව යළි සංචාරකයන්ට විවෘත වීමත් සමඟ එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් ගමන් මගින් 50,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ අතැයි ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කරයි

සතියකට එමිරේට්ස් ගුවන් යානා 21 ක් පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණෙමින් තිබේ.

පසුගිය වසංගත කාල සීමාව තුළ ද මේ රටට අඛණ්ඩව ගුවන් මෙහෙයුම් සිදුකළ එමිරේට්ස් ගුවන් සමාගම සමඟ මෙවැනි අවබෝධතා ගිවිසුමකට එළැඹීමට හැකි වීම මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි පියවරක් ලෙස සිතිය හැක.

මෙම වැඩපිළිවෙල යටතේ ඉදිරි කාලය තුළ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ එමිරේට්ස් ගුවන් සමාගම ඒකාබද්ධව ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත .

සංචාරක ප්‍රදර්ශන
සමුළු සම්මන්ත්‍රණ වැඩමුළු හා ප්‍රවර්ධන සංචාර

මේ යටතේ සංවිධානය කෙරෙන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි .ඉදිරියේදී මෙවැනි ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ගිවිසුම් අත්සන් තැබීමට අපි අපේක්ෂා කරන අතර මෙවැනි ශක්තිමත් බැඳීම් සහිත ගිවිසුම් මඟින් සංචාරක කර්මාන්තය තව තවත් දියුණු මාවතක් ඔස්සේ ගමන් කරනු ඇත.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...