කොට්ටාව සහ කහතුඩුව අතර දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් අයෙක් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW):රත්ගම සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය වෙත යමින් සිටි ලොරි රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමි තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව කිලෝමීටර් 4 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයට ළගා වූ ගැලනිගම රථවාහන ඒකකයේ නිලධාරීන්,  ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කුඩා ලොරි රථය තුළ සිරවී සිටි පුද්ගලයින් තුන් දෙනා පිටතට ගැනීමට විනාඩි 20ක පමණ මෙහෙයුමක් සිදුකර ඇත.

බරපතල තුවාල ලබා සිටි තුන්දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී එක් අයෙකු මියගිය බව රෝහල් වාර්තා සදහන් කළා.

පොලීසිය පවසන්නේ, ලොරි රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...