ඇමෙරිකාව යළිත් සඳ ජයගනී……!

Date:

අශෝක ජයතුංග

පෙබරවාරි, 27 වොෂින්ටන් LNW : මිනිසා සඳට පා තැබුවේ මීට වසර 55 කට පෙරය. ඒ 1969 ජූලි ය. ඉන්පසුව ද කිහිප දෙනෙක් එහි ගියහ. නමුත් පර්යේෂණ මදක් ඇල් මැරුණේ ආර්ථික සමාජ යුදමය හා දේශපාලන ගැටලු හේතුවෙනි.

         තවද අඟහරු තරණයට හා අභ්‍යවකාශ යුද (Spece wars) සඳහා ද ඇමෙරිකානු අවධානය යොමුවීම අනෙක් කරුණ ය. ඇමෙරිකාවේ වසරෙන් බාගයක් සීත ය. හිම පතනය ජන ජීවිත අඩාල කරයි. එසේ නොවන්නට ඇමෙරිකානුවන් මේ වන විට හඳ ට “හයි වේ එකක් හෝ පාළමක්” හදා අවසන් ය. 2030 දී හඳේ ජනාවාස පිහිටවීමේ ඇමෙරිකානු ඉලක්කය මත මෙම පෙබරවාරි 08 දා නාසා ආයතනය පෙරිග් ග්රීන් මිෂන් යානය සඳට යැව්ව ද එය අසාර්ථක විය.

              එහෙත් ගේම් අතනොහැරීම ඇමෙරිකානු පිළිවෙතය. ” ඉන්ටුටිව් මැෂින්ස්”  සමාගම කුළුදුල් සඳ තරණය පෙබරවාරි: 15 දා ඇරඹීය. ප්fලොරිඩා හි කැනවරල් තුඩුවෙන් ඹඩිසියස් නම් රොබෝ යානය අභ්‍යවකාශ ගතවූයේ ලොව ලොකුම සල්ලිකාරයා වන එලෝන් මස්ක් ගේ ස්පේස් එක්ස් සමාගමේ ෆැල්කන් – 09 රොකට්ටුවේ සහායෙනි.

      එය ඉතිහාසගත වන්නේ නාසා හා පෞද්ගලික ආයතනයක් එකට ක්‍රියා කිරීම හා ද්‍රව ඉන්දන වලින් හඳ ට ගිය මුල්ම යානය ලෙසය. හඳේ ජල මුලාශ්‍ර තිබේ ද යන්න හා දුවිලි අංශු වල හැසිරීම මෙන්ම හඳේ දක්ෂිණ ධ්‍රවය ගැන පර්යේෂණ කිරීම මෙම ගමනේ අරමුණ ය.

     කිලෝ මීටර 3,84,400 ක් දුර ගෙවා හඳ ට ගිය ඹඩිසියස්  යානය හඳේ දක්ෂිණ ධ්‍රැවයේ මැරපාට් A ආවාටයට ගොඩ බැස්සේ සමාජ මාධ්‍ය හරහා ලෝකයම සජීවීව නරඹද්දීය. යානය ගිය හඳේ දකුණු ප්‍රදේශයට හිරු එළිය පතිත නොවන ගැඹුරු ආවාට වලින් ගහන ප්‍රදේශයකි. එම ආවාට වල සීතල ජලය පවතින බව විද්‍යාඥයන් ගේ මතය වේ. හුස්ම ගැනීමට හා ඉන්දන නිපදවීමට එම පසුබිම සුබවාදී බව ද කියවේ.

      තවද මෙම යානයෙන් ඇමෙරිකානු මූර්ති ශිල්පී ජෙෆ් කුන්සු නිර්මාණය කල කුඩා මූර්ති 125 ක් රැගෙන ගිය අතර කළා කෘති සඳ ට ගිය මුල් ම අවස්ථාව ද මෙය වේ.

       මෙය ඇමෙරිකාවට පමණක් නොව මිනිස් සංහතිය ලැබූ තවත් සුවිශේෂ විජයග්‍රහණයක් බව ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකයේම පිළිගැනීම ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...