අවු.13ක පිරිමි නිවුන් දරුවන් අපයෝජනය කළා යැයි චීවරධාරියෙකුට චෝදනා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): වයස අවුරුදු 13ක පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදු කළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

චෝදනාවට ලක්වූ චීවරධාරියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ලෙඩ සුව කරන බවද වාර්තා වේ. අපයෝජනයට ලක්වූ බව කියන කුඩා දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙක් මීට දින කිහිපයකට පෙර අසනීප වී ඇති අතර ඊට ප්‍රතිකාර කිරීම සඳහා එම මව්පියන් දරුවා මෙම හිමිනම හමුවට රැගෙන ගොස් ඇත.එහිදී දරුවා දින කිහිපයක් එහි රඳවාගෙන පූජාවක් පැවැත්විය යුතු යැයි සැකකාර චීවරධාරියා එහිදී මව්පියන්ට පවසා ඇත.

පොලීසිය ප්‍රකාශ කළේ, ඒ අනුව ඔවුන් සිය දරුවා එහි රඳවා ගොස් ඇති බවයි. අනතුරුව නිවුන් දරුවන්ගෙන් අනෙක් දරුවා සිය සොයුරා නොමැතිව අසනීප වී ඇති අතර, සැකකරු මෝටර් රථයකින් නිවසට පැමිණ එම දරුවාද රැගෙන ගොස් ඇති බව හෙළිව ඇත.

එහිදී සැකකාර චීවරධාරියා දරුවන් දෙදෙනාම අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණ වී ඇති අතර ,මේ පිළිබඳ කළ පැමිණිල්ලට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර , නිවුන් දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව වාර්තා වේ.

හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...