‘No Other Land’ සම්මානලාභියාට මරණ තර්ජන!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජර්ම­නියේ බර්ලින් නුවර පසු­ගි­යදා පැවැති බර්ලින් ජාත්‍ය­න්තර  චිත්‍ර­පට උලෙ­ළේදි , ගාසා  තීරයේ වර්ණ­භේ­ද­වා­දය හෙළා දකින බව­ටත්, වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත්  කළ යුතු බව­ටත්ප්‍රකාශ කළ ඊශ්‍රා­යල චිත්‍ර­පට අධ්‍යක්ෂ යූවාල් ඒබ්‍ර­හම්ට  මරණ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බර්ලින් චිත්‍ර­පට  උලෙ­ළේදී පල­ස්තීන චිත්‍ර­පට අධ්‍යක්ෂ බාසෙල් ඇඩ්‍රා සමඟ එක්ව ඔහු විසින්  නිර්මා­ණය කරනු ලැබූ ‘No Other Land‘ හොඳම වාර්තා චිත්‍ර­ප­ට­යට හිමි සම්මා­නය  දිනා ගත්තේය. එම චිත්‍ර­ප­ටය ඊශ්‍රා­යල බල­ධා­රින් අත්පත් කර­ගත් පල­ස්තීන භූමියේ  ජන­තාව සහ නිවාස ඉවත් කිරීම පාදක කර­මින් නිර්මා­ණය වී ඇති අතර, සම්මාන  ලැබී­මෙන් පසු ඔහු විසින් එම ප්‍රකා­ශය සිදු කර තිබේ.

මරණ තර්ජන එල්ලවීම  හේතු­වෙන් බර්ලි­නයේ සිට නැවත ඊශ්‍රා­ය­ලය බලා යෑමට ගත් ගුවන් ප්‍රවේ­ශ­ප­ත්‍රය  අව­ලංගු කළ බවත්, එම ප්‍රකා­ශ­යෙන් පසු ආයුධ සන්නද්ධ මැර පිරි­සක් ඔහු සොයා  ඊශ්‍රා­ය­ලයේ පිහිටි ඔහුගේ නිවෙ­සට ගොස් ඇති බවත් යූවාල් ඒබ්‍ර­හම් මාධ්‍ය­යට  ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...