සෞඛ්‍ය වෘත්තීය සමිති කළ ඉල්ලීම් වල අවසන් එකඟතාවය අද

0
347

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): දීමනා වැඩි කිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයින් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අද(01) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ. 

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කළ කමිටුව සකස් කළ නිර්දේශ සම්බන්ධයෙන් අද දිනයේ වෘත්තීය සමිති දැනුවත් කිරීමට නියමිත බවයි.

රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් පසුගියදා දීප ව්‍යාප්තව වැඩ වර්ජනයකද නිරත විය.