ඖෂධ වංචාව – වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට !

Date:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම හරහා රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව ය.

අදාළ වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය කළ නියෝගයක් අනුව ඊයේ (01) එහි පැමිණි වෛද්‍යවරයාව CID නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මීට පෙර දින කිහිපයකදීම CIDයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස වෛද්‍ය සමන් රත්නායකට දැනුම් දී තිබුණත් ඔහු එය මඟහැර ඇති බව පෙරේදා දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වි තිබිණි.

මෙම ඖෂධ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" ...

ජාතික මට්ටමේ ආපදා හදිසි ඇමතුම් අංක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...