විදුලිය පිරිමසා රජයට සහය වෙමු

Date:

ලංකාවේ බල ශක්ති සැපයුම ප්‍රධාන වශයෙන් ජෛව ස්කන්ධය , ඛනිජ තෙල් හා ජල විදුලිය යන මූලික සම්පත් මත පදනම් වී ඇත. රටේ ආර්ථිකය හා සමාජික සංවර්ධනයත් සමඟම දිනෙන් දින විදුලි බල ඉල්ලුම වැඩිවෙමින් පවතී. විදුලි පරිභෝජනය ගැන අවධානය යොමුකිරීමේදී ගෘහ ආශ්‍රිත විදුලි පරිභෝජනය රටේ සමස්ථ විදුලි පරිභෝජනයෙන් විශාල කොටසකට හිමිකම් කියනු ලැබේ.

නිවෙස් තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළින් විදුලිය නාස්තිවීම අවම කර ගැනීමට හැකියාව ලැබේ. ඒ තුළින් රටේ සමස්ථ විදුලි පරිභෝජනයද අවම කර ගැනීමට හැකියාව ලැබේ
විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි රජය විසින් දිගින් දිගටම නිවේදන, ඉල්ලීම් මඟින් ජනතාව දැනුවත් කරනු ලබයි.

වීදි ලාම්පු පවා රාත්‍රී කාලයේ නිවා දමා හැකිතාක් දුරට විදුලිය ඉතිරි කර ගැනීමට කටයුතු කරන ලෙස දැනුවත් කිරීමක් සිදු කර ඇත.

එහෙත් මේවා හුදු ඉල්ලීම් සහ නිවේදන වලට පමණක් සීමා වන අවස්ථාඅප දැක ඇත. ඇතැම් වීදි ලාම්පු නිවා නොදමා දහවල් පවා දැල්වෙන අතර රාත්‍රී කාලයේදී එකම සැනකෙලියක් ලෙස නගර වලවිදුලි බුබුලු දල්වා තිබෙන ආකාරය අප දැක ඇත.

මේ නාස්තිය දෙස බලන විට රටේ ජනතාව තමන්ගේ රට ගැන සිතනවාද යන ප්‍රශ්නය නිරන්තරයෙන් මුවඟට නැගේ. හෙට අනිද්දා වනවිට පළාත් පාළන ආයතන වල වීදි ලාම්පු රාත්‍රී කාලයේදී නිවා දැමීම අශුභවාදීව බලන අයත් ඇත.

කොරහේ කිඹුලන් දකින අපේ රටේ සමහරු විදුලි බලය අරපිරිමැස්ම සඳහා නොයෙක් පියවර ගන්නා විට ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට දොස් කියන අවස්ථා සමාජයේ ඕනෑ තරම් තිබේ.

වතුර කෝප්පයක් උණු කරගන්න විදුලි කේතලය භාවිතාකිරීමද, microwave එක භාවිතා කිරීමද වඩා පිරිමැසුම්දායක වෙන්නෙ කියලා හිතනවාට වඩා වඩා වැදගත් ගෙදරක ලොකුම පාරිභෝජකයා හොයාගන්න එක.

ගෙදරක ලොකුම විදුලි පරිභොජනය කරන්නේ මොනවාද?

  1. වායුසමීකරණ යන්ත්‍ර
  2. Heaters.
  3. Domestic Water Heaters
  4. Electric Clothes Dryer
  5. විදුලි ලාම්පු ( ඔබ CFL ලාම්පු භාවිතා නොකරනවානම්)
  6. ශීතකරනය( 2001 ට පෙර නිශ්පාදිත නම්)

කොහොමද ඉතිරිකරගන්නේ?

  1. නිවසේ වායුසමීකරණ සහ හීටර් යන්ත්‍ර භාවිතා කරන්නේ නම් එය එක් කාමරයකට පමනක් සීමකරන්න උත්සාහ කරන්න. සමහර රටවල් වල පවතින කාලගුණික තත්වයන් නිසා මෙය කරන්නට අසීරු දෙයක් වෙන්න පුලුවන්. නමුත් උත්සාහ කිරීම වැදගත්.
  2. වායුසමීකරණ වෙනුවට හැකිනම් විදුලිපංකා භාවිතාකරන්න.
  3. භාවිතානොකරන හැම විදුලි පහනක්ම නිවාදමන්න.
  4. ඔබ රෙදිසෝදන යන්ත්‍රයක් භාවිතා කරනවා නම් උණු වතුරෙන් රෙදි සෝදනවා වෙනුවට ඇල්වතුරෙන් සෝදන්න.
  5. භාවිතා නොකරන වේලාවට ඔබේ පරිගණකය “ස්ලීප්” කරන්න. CRT මොනිටරය නිවා දමන්න.
  6. රෙදි වේලීම සඳහා විදුලිය භාවිතාකිරීමෙන් වලකින්න.
  7. හැකි පමනින් CFL විදුලි ලාම්පු භාවිතා කරන්න.
  8. ඔබේ රෙදිසොදන යන්ත්‍රය Top-Loading එකක් නම්, එය Front-Loading එකකට මාරු කරන්න.
  9. ඔබේ ශීතකරනය 2001 ට පෙර නිශ්පාදිත එකක් නම්, එය මාරු කරන්න.
  10. කිසියම් විදුලි උපකරනයක් ගන්නා විට එහි විදුලි පරිභෝජයන ගැන සලකා බලන්න. සැමවිටම අඩු විදුලිධාරිතාවක් ඇති උපකරන භාවිතාකරන්න.

මෙහි ලියා ඇති සමහර උපදෙස් ඉතා ලෙහෙසියෙන් කල හැකිවුවත් සමහර ඒවා එක්වරම කලනොහැකි ඒවා වන්නට පුලුවන්. උදාහරණයක් විදියට ශීතකරනය මාරු කිරීම වගේ දේවල්. නමුත් කෙනෙක් අලුතින් උපාංගයක් ගන්න යනවානම් වෙය වැදගත් වේවි.

මේ ගැනත් හිතල බලලා අපි අප නිසා ලෝකයට ඇතිවී ඇති බර පොඩ්ඩක් අඩු කරමු.
ඒ කෙසේ වෙතත් තමන්ගේ නිවසේ එක විදුලි බල්බයක් හෝ නිවා දමා රාත්‍රී කාලයේදී විදුලිය භාවිතා කල හැකිනම් අඩුපාඩු දැක දැක විවේචනය කර කර ආණ්ඩුවට දොස් නගමින් සිටිනවාට වඩා කොතරම් ශ්‍රේෂ්ඨදැයි ඔබට තේරුම් යන්නේ හදවතින්ම එම කාර්‍යට ඔබ අවතීර්ණ වුවහොත් පමණයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...