1150 x 80 px
සරත් සමයේ හැළෙන පත් විලසින් විඩාව හළන්න -  Fairway Colombo Oktoberfest

ඔක්ටෝබර්ෆෙස්ට් (Oktoberfest) සැණකෙළිය බටහිර ජාතිකයන්ට අරුමයක් නොවේ. පත් හැළෙන සරත් සමයේ ඔක්තෝබරය ඔවුන් නර්තනයෙන්, රස මසවුළුවලින් සහ බීර රසයෙන් මත්වන කාලයයි. ඔක්තෝබරය ඔවුන්ට ශරත් සමයේ සංස්කෘතියෙන් මත්වන්නටම මැවුණු මාසයයි. දැන් ඒ නැවුම් මිහිර ලාංකේය ජනතාවට සමීප කරවමින් ෆෙයාවේ කලම්බෝ වෙතින් ඔක්තෝබර් 25-29 දිනවල කොළඹ 1, නො. 07, රෝහල් වීදියේදී Fairway Colombo Oktoberfest  සැණකෙළිය පැවැත්වේ.

ජර්මානු කෝකීන් අතින් සජීවීව එවෙලේම මැවෙන බැවෙර්ියානු රස මසවුළු, බැවේරියානු නර්තනාංග, විනෝද ක්‍රීඩා, බැවේරියානු බීර සැණකෙළිය ඇතුළු බැවේරියානු සංස්කෘතිකාංග සමගින් ෆෙයාවේ කලම්බෝ ඔක්ටෝබර් ෆෙස්ට් පස් දින සැණකෙළිය මෙසේ පැවැත්වෙන්නේ ෆෙයාවේ කලම්බෝ සංවිධාන ශක්තියෙනි.

සවස 5.30 සිට රාත්‍රී 11.30 දක්වා පැවැත්වෙන මෙහි ඇතුළුවීම නොමිලේ වන අතර, නිල අනුග්‍රාහක දායකත්වය Qatar Airways, Impulse Photography, Liecht Kitchens, Dutch Pub සහ Red FM වෙතිනි.

සරත් සමයේ හැළෙන පත් විලසින් විඩාව හළන්න Fairway Colombo Oktoberfest  වෙත ඔබත් එන්න!

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top