පුවත්

22 වනදායින් පසු මාසයක් යන තෙක් විදුලිබල මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙන්නෙ නෑ – ගම්මන්පිල

ජනවාරි 22 වනදායින් පසු විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට මාසයක කාලයක් ප්‍රමාද වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග කොවිඩ් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් තත්වයට පත්වන ලකුණු

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමග කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන්ව යාමේ හැකියාවක් තිබෙන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ලංකාවේ සංචාරය අවදානම් – කැනඩා බළධාරීන් සිය ජනතාවට දැනුම් දෙයි

ඉතා වේගයෙන් පිරිහෙමින් තිබෙන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතා අවදානම් බව කැනඩා රජය සිය රටවැසියන්ට අනතුරු අඟවමින් දැනුම් දී තිබෙනවා.

ජොකොවික් පිටුවහල් කරයි – ඩුබායි ගුවන් යානයකට නගී

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබෙනවා. මෙල්බර්න් සිට ඩුබායි බලා ගමන් ගන්නා ගුවන් යානයකට ඔහු ගොඩවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

අන්තවාදීන්ට අපි බය නෑ – විපක්ෂ නායක

අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට නොබියව මුහුණ දෙන බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය, අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Popular

spot_imgspot_img