දේශපාලන පුවත්

69 වසරකට පසු අද රටම හර්තාල් !!

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (06) දීපව්‍යාප්ත එක්දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වේ.

අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම දෙනවා නම් 113 පෙන්වන්න සූදානම් – බැසිල් යළි කියයි

අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය පෙන්වීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

අපේ තත්වය ග්‍රීසියටත් ලෙබනනයටත් වඩා දරුණුයි – මුදල් ඇමති බැංකු ප්‍රධානීන්ට කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය ග්‍රීසිය සහ ලෙබනනය මුහුණ දුන් තත්වයටත් වඩා දරුණු බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර තිබේ.

මම අමාරුවේ වැටුණේ දූෂිත ඇමතිවරුන් නිසා – ජනපති කියයි !

තමන් අමාරුවේ වැටුණේ දූෂිත අමාත්‍යවරුන් නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මේ යන්නේ අඳුරට. ජනපති අගමැති වහාම අස්වෙනු ! – විපක්ෂ නායක සජිත් කියයි (VIDEO)

විශ්වාසභංග යෝජනාවට හෙටම හෝ දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා වහාම නියෝජ්‍ය කතානායක ධූරයට අයෙක් පත්කරන ලෙසද ඉල්ලා සිටියේය. සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගැන කියනවිට අත්පොලසන් දෙන අයම මේ ආණ්ඩුව බලයට ආ සැනින් ගෙනා කෝටිපතියන්ට බදු සහන දෙත්දීත් අත්පොලසන් දුන් බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

Popular

spot_imgspot_img