ක්‍රී​ඩා

ධනුෂ්ක – කුසල් – දික්වැල්ල තුන්කට්ටුවගේ තරග තහනම ඉවත් කරයි

විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත තරග තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ එම තරග තහනම ඉවත් කර තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාට යළිත් ජාතික සංචිතයේ දොරගුළු විවෘත වනු ඇත.

අංක එකේ ටෙනිස් ශූරයාට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් – වීසා අත්හිටුවයි

ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන නොවැක් ජොකොවිච්ට එළඹෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

සමුගැනීමේ තීරණය වෙනස් කරන්න – මාලිංග භානුකගෙන් ඉල්ලයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට භානුක රාජපක්ෂගෙන් තව බොහෝ දේ ලැබිය යුතු බවත්, බොහෝ දේ ලබාදීමට ඔහුට හැකියාව තිබෙන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. මේ නිසා ඔහු තවදුරටත් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටිය යුතු බවද ඔහු පවසයි.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී – ඇන්ජලෝ පෙරේරාත් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කඹයක් නැති කඹ අදින සූරියෝ

මෙවර ජාතික කඹ ඇදීමේ සූරතාවයෙදි යුද හමුදාව සිය ආධිපත්‍ය පතුරුවා හැරියත් අවුරුදු 23 න් පහළ කාන්තා තරග අංශයෙදි යුද හමුදාවට බහුතර පාසල් සිසුවියන් පිරිසක්...

Popular

spot_imgspot_img