1150 x 80 px
දීඝගාමිණී කඳු - ජානක පුෂ්පකුමාර

වලා කවුලුව හැර
උනා තම කෙහෙරැල්ල
බිම බලාගෙන සිටියි
සඳ චිත්‍රාව

 

එක් ටැඹක්වත් නොමැති
අහස් මැදුරක සුසුම්
සොරාගෙන යයි සුළඟ
බිඳ මාත්‍රාව

මුරකාර තරු ඇස්
ස්නයිපර් අත ඇතිව
සුසුමකුත් නොහොල්ලයි
කඳුවලට ගෙන එල්ල

දීඝගාමිණී කඳු
විරහ මීදුමක හිද
සැලසුම් අදියි ලහියේ
"ගියත් කම් නැත බෙල්ල"

 

Top