1150 x 80 px
දේවිකා, මම සහය නළුවා - උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක

දේවිකා, මම සහය නළුවා
නුඹ පතාගෙන සුසුම් හෙලුවා

චිත්‍රපටයක එකට හිටියට
එකතු වෙන්නට වරම් නැතුවා

 

ගාමිණී නුඹ වඩා ගද්දිත්
මුකුත් නොකියා බලා හිටියා
නුඹේ බැල්මට නුඹේ කැල්මට
සසල නොවෙනා අයෙක් නැතුවා

එකම එක තිර ජවනිකාවක
ඔබේ අතින් අල්ලා ගන්න තිබුනා
ගැහෙන හදවත සඟව ගන්නට
මටත් මහ කාලයක් ගෙවුනා

ඒ අතරතුර ඩිරෙක්ටර් විත්
ඒ සීන් එක කපල තිබුනා

දේවිකා, මං කවද වෙන්නද
ඔයාගේ හිත ගත්ත නළුවා

Top