1150 x 80 px
උත්තර නොදී මග හරිමි - වර්ණ රසිකා ගුණවර්ධන

කඳුළු පොදි පොදි ගාල්කර
හිතේ කටු අනින තනිකම
ලිපියක ලියා කැටිකර
යළිත් නොඑවමි ඔබ වෙත.

 

මග දිගට හමුවන
අමාරුම පැන අහන අයහට
උත්තර නොදී මග හරිමි
ඔබට කිසිදා නොකියමි.

වට පිටේ වතුවල
නෙක පැහැ කුසුම් පිබිදෙයි
මගේ මිදුලේ කෙළවර
තල මලක් පිපෙන්නට දඟලයි.

වෙන්ව ගිය ශෝකයෙන්
දිනෙක තටු ලබා ඉගිළෙමි.
ඔබ උණුසුම් කැදැල්ලට
කැට මුගුරු පහර නොගසමි.

මියගිය තාරුකාවක
මා සොයා ශෝක නොගනින්
සෞම්‍ය සඳ කැරැල්ලක
ජීවිතය දැක සැනහෙන්.

Top