1150 x 80 px
නදුන්ගමුවේ විසින් දිනපොතෙහි ලියා තබන සටහනක් සැකෙවිනි !

ගවු දුර ගෙවනු අලසය
ලඟට එන කිතුල් ගොබ රහය
වැව් තල නටන දිය වහය
නල දිය අම රසය
මහ ඝණ වන කුරිරුය බියකරුය
පන්සල දාහෙන් සැපය
තුන් පත් රෑන අපුලය
ඇත් ගොවු පියකරුය

 

පෙරහැර කරනු පිණිසයි අපි
ගිනි අලි වැට කඩන්නේ
දල කසවා ගනු සිතමින්
ගඩොළු බිත්ති බිඳින්නේ
කළගුන සලකනා හින්දයි
මදන වෙසින් දුවන්නෙ
අලි වෙඩි කන්න හිතුනාමයි
පෙරහැර වනසවන්නේ

ජෙනරේටර් ඒය, ඩීසල් බොන්නේය
හඬ නොනඟා ය එනමුදු විදුලිය දේය
එල් ඊ ඩී ය ඉන් සවනක් රැස් දේය
බෙර තඩිබාය එවිටදි පා එසවේය

පපරේ පරළ වේ මහජන පොල ගාව
හෙන්ඩුව කෙලින් වේ නිලමේ රැව්වාම
පියබඳ සොයයි නැවතී මංකඩ ගාව
මොහොතක් ඉන්න මේ හිස මත දලඳාව.

- MKCP ශෂීන්

Top