1150 x 80 px
ජීවිතේ මේ මෙතන, ඉඩ දෙන්න. - කල්පනා ඇම්බ්‍රෝස්

දුඹුළු බැඳි ජීවිතේ රාමුවට කෙළ ගසා
අඳුරු අහුමුළු රැගෙන ප්‍රේමයෙන් විස නසා
කඳු තරම් නැගි නැගී උස්ව ගිය අතීතෙක
තේ බඳුන් මධු ඔඩම් බවට
හැරෙව්වේ ඔබ පමණි
තැඹිලි පෑ ඉර බහින මේ දැනුත්
තිඹිරිගස්යාය හන්දිය පණ පිටිනි

 

මීවිතක පෙරි පෙරී මත්වෙන්න
මීදුමක එති එතී පාවෙන්න
මාවතේ උමතුවෙන් ඇවිදින්න
ජීවිතේ මේ මෙතන, ඉඩ දෙන්න

දර දියෙන් සැදි කඳුළු සාගරය
වර නැගෙන අසීමිත ජීවිතය
සිරගෙයක දැමුවැකිද මාරුතය
අරගලය කියන්නෙම ආදරය

සංග්‍රාම භූමියක හිස ගසා
සංකේත ප්‍රතිරූප බරු ගසා
නින්නාද සිනා හඬ අස අසා
මං තාම පණ පිටින් ඔබ නිසා

නෙළුම් මල් හත මතින් රඟ දෙන්න
කැළුම් දී කුරුසියේ ඇලවෙන්න
රතින් රත ගට ගටා අැවිලෙන්න
ඉතින් ආදරෙයි ජෝ නික්මෙන්න

Top