1150 x 80 px
මකරෝ - රුවන් බන්දුජීව

මකරෝ
උඹ ඉතින් හැම පෝයටම
මෙතන මේ විදිහටම හිඳගෙන
විහාර ගෙට ඇතුල්වෙන්නට එන මට
සසර බිය කියාදෙන්නට හැදුවට
උඹේ පරපුරේම එකෙක්
ඉන්නවා කොහුවල
මේ වගෙම බිත්තියක
බියකරු මුහුණ වෙනුවට
මද සිනහවෙන් යුක්තව

 

මකරෝ
මං මේ කියන තැන
මැටි පහන් වෙනුවට ලන්තෑරුම් එළියෙන්ද
සුවඳ ධූපයන් වෙනුවට වෙනත් ධූමයන්ගෙන්ද
පිරී ඇත

මකරෝ
උඹ වගේනම් නෙවෙයි
එහෙ ඉන්න මකර තැන
රතු ඇපල් පෙති ගසා ගම්මිරිස් කුඩු දමා
පුළුටු ඟඳ ඇති යමක් දීසියක් මත තබා
කුඩා වීදුරුවකට දියර වගයක් දමා
සසර ගැන ඔය තරම් බිය නොවෙන්නැයි කියා
වට මේස ළඟට එයි ගීයකුත් ගය ගයා

මකරෝ
මං මේ වතුසුද්ද මල් අහුර
තියා එන්නම්
මල් අසුන මත

මකරෝ
පැහැදිලි කර දියන් මට
විහාරෙන් යළි පිටව එන විට
බිඳී ගිය'යුරු මකර පරපුර
දෙපැත්තට ....

Top