1150 x 80 px
වේදනා අපමණ - ලාල් හෑගොඩ

බිරිඳ අත කණ වැලට ගෙන
පිය ගැය පෙළ නගින මට
දැනෙන වේදනා අපමණ

 

හෝරාවක් අඳුරු කර
විදුලිය සිඳුණු මොහොතේ
නැග්ගේ පෙර දිනක
මෙලෙස මේ විදියටම හෝ නොවෙද

ලොවම පහන් වූ දවසක
වසාගෙන නෙත් අන්ධයකු වී මඳකට
පුරුදු දැයි පියගැට
බැලූයෙමි නාල්ලා අත්වැල

Top