1150 x 80 px
කල්පයක නිමාව - සෞම්‍ය සඳරුවන් ලියනගේ

සංසාරයම නිවන
ඇසිල්ලක සිහිලසේ කිඳෙමී
සකලවිධ සන්තාප
අතැ‘ර මොහොතක් පෙමින් වෙළෙමී

 

රුදු කටුක සියවසක
වේදනා කප්පරක්
ඒ ඇසිල්ලෙහි නුඹට කියමී

"...නිවීමෙහි දැවීම ම නිවීම ය,
දැවීමක නිවීම ද දැවීම ය;
නිවීම ය - දැවීම ය කියා වෙනසක් නොවන
මේ මොහොත කල්පයක නිමාවය..."

විසල් අහසක හැඩැති
නුඹේ මුහුණට එබී
දෙ ඇස් කටහඬ එලෙස අසමී...

 

Top