1150 x 80 px
ඔබේ ලස්සනම පින්තූරය දු‍ටු දින - කාංචනා අමිලානි කරුණාමුනි

ඒ ප්‍රේමය පහළ වීමට පෙර
ඉතාම නිශ්ක්‍රීය සමයක
ඔබේ ලස්සනම පින්තූරය දු‍ටු දින

 

යන ගමන නවතා
ආපසු හැරී එන්නට සිදු විය
ඉන්පසුව
කිසිදු ගමනක් යන්න වූයේද නැත

වඩාත් ප්‍රීතිමත් ඇස් දෙකෙන්
අනන්තයක් නරඹන ඔබට
මුහුදු කිහිපයක් මෑතින් සිටින්නෙකු
නොපෙනෙන්න ඇත
බාගදා අහස වසාගෙන
වැහි වලාකුළු තිබෙන්නට ඇත
ඉන් පසුව නැව් රාශියක දුම් බට
අහස අපිළිවෙළ කරන්නට ඇත

ඒ ප්‍රේමය පහළ වන්නට පෙර
මහත් කුහුඹු අවදියෙක
ඔබේ ලස්සනම පින්තූරය දු‍ටු දින

 

Top