1150 x 80 px
කල්ලඩි පාලම - කල්පනා ඇම්බ්‍රෝස්

වෙන් වෙන්ව කලින් කල අප
ඇවිද ගිය පාරෙම
නිහඬව හැපෙයි දෙපසක
ගං ඉවුරු දෑලම
ස්වර තන්තු බිඳි බිඳී මියගොසිනි
සිංදු කියු අය සේරම
ගොළුවත රකියි තවමත්
කල්ලඩි ආරු පාලම

Top