1150 x 80 px
අහා! මේ ගනඳුර - ධනුෂ්කා නිශාදි කුලරත්න

ඇහැරවා රිදී රැය
ඝන අන්ධකාරෙන්
මග කීවේලු දිලි දිලී
සැනෙළි එළි අහංකාරෙන්

 

එසඳ ආකාස කෝපය
ගෙනාවෙන් මේ මහ වැහි
නිරහංකාර උයනේ
දියබත් පුසුඹ පැතිරිණි

ගිමන අඩ සඳ මද අඳුර
ඔහෙ නිවිචාදෙන්
ලොහො අසුනක ඇඳි මත
තෙත් ලතා පැටලෙද්දෙන්

පිලමන්ට් පිලිස්සෙද්දෙන්
ඇඳිරි කැටි ගුලි වෙද්දෙන්
හුදකලා හුස්මකට ඉඩ දී
රැයට රැය හිමි වෙද්දෙන්

අහා!
මේ ගනඳුර
තව තවත් කළු වෙද්දෙන්......

Top