1150 x 80 px
කිරිල්ලියකගෙන් කුරුල්ලෙකුට - කසුන් සමරතුංග

එදා ඒ දුර සන්ධ්‍යාව අවසන
මතක් වන බව යළි යළිත් පවසන
හීං බැනුමක මහ හඬත් ඉවසන
කුරුල්ලෙකි හිත කොණේ නිවසන

 

පමාවට තව කරුණු නැහැ සමයි
නොරිස්සුම හිනාවෙන් පිට දමයි
සිහින් සර කෙඳිරිල්ල හිම බිමයි
පවනැල්ල හෙමින් සීරුවෙ හමයි

නෝක්කාඩුව පවා හිත තෙමන
වැහි පොදට යටි හිතෙන් සුබ පතන
කුරුල්ලෝ සීතලට දොස් කියන
නුඹේ ළඟ හැඟුම් රළ පොදි නැඟෙන

එදා ඒ දුර සන්ධ්‍යාව අවසන
මතක් වන බව යළි යළිත් පවසන
හීං බැනුමක මහ හඬත් ඉවසන
කුරුල්ලෙකි හිත කොණේ නිවසන

Top