1150 x 80 px
විශ්වාස කළ හැකි ද? - ජයසිරි අලවත්ත

මට ම හිමි වාපියක් තිබුණ ද
දිවි ගමන් මග ඇවිද යන කල
මුණ ගැසේ තව පුංචි ඇළ දොළ

 

වාපි උදක ද මට ම බව දැන
නිමේෂයක දි දරන්නට බැරි
තාවකාලික සා පිපාසය

ලතාවට හැඩ වෙමින් ගලනා
ඇළ දොළක හෝ දිය කඩිත්තක
කිමිද රහසේ ඇතැම් ගොම්මන
සිසිල විඳි බව නොපවසනු බැරි

සුබ මුහුර්තය පැමිණි මොහොතක
වාන් දොරටුව විවර කරනට
මගේ වාපිය තවත් සුරකිමි

එදින සිට මගෙ සා පිපාසය
නිවන පිරිසිදු ඇළ දොළත් නොව
මහා වාපී කෙතෙක් තිබුණ ද
ක්ෂණයකට හෝ කිමිද නොසිටිමි

ඒ වාපි තඹ දොයිතු නොවටී

Top