1150 x 80 px
අවිඥානික අවරෝධනයක් - සනත් කරුණාරත්න

නිදා සිටි මා සිහිනයෙන් මෙන්
සන් හඬක් ඇසී නැගිටීමි යහනෙන්
විවර ව කුටියේ දොර පියන්
ඇතුළු වීය එක් ශ්‍රමණයෙක්
පඬු පෙවූ දළ සිවුරු හැඳි

 

" මානවකය සනත්
කුමර කල මා සිරි සිදුහත්
පසුව වීය මහ අරහත් "

බැලුවෙමි විගසින් දෙනෙත් හැර හොඳින්
පුදුමෙකි නොවේ දහඅට රියන්
නොම සජ්ජිතය දෙතිස් මා පුරිස් ලකුණින්
එහෙත් වීය පබසර සරල මිනිසෙක්

" වත්-පොතෙහි සරණා අතරේ
ඇසිිය හැකිද පැනයක් දෙකක් මෙවන්"

විවර කරන්න කලින් මා මුව පියන්
මන්දස්මිත මුව නොවී ධර්මසංවේගයෙන්
ඇසූ සේක් පැනයක් මෙවන්

" කලින් කල මිනිස් ඝාතනයන්
වේය, රුදුරු ලේ පිපාසිතයන්,
මිනිස් ගත වුව උරා බොන චෞරයන්
වන යෙහෙන්- රුධිර වැකුණු බිම මෙවන්
බුදුන්ගේ දේශය යැයි කියන්නේ
කුමන අරුතින් ?''

වත කමල බර වීය විළියෙන්
ඇසූ සේක් තව පැනයක් විගසින්

" උන් ම සුරැකෙන ලෙසින්
මා වදන් පුරවා මුසාවෙන්
උතුම් කී ප්‍රතිපත් පූජා නසමින්
ආමිසයම අගයමින්-භේද ඇති කරමින්
වේය වැජඹෙන බෝ මහණුන්
ම පුතු ද මා අත් හැරියෙන්
බුද්ධ පුත්‍ර වන්නේ කෙලෙස ඔවුන්?''

පවසා ශාන්ත ස්වරයෙන්
පියවර තබා ගොසිනි වසා දොර පියන්
නික්මුණු සේක් ය එතුමන්
පවසා මෙවන් වදනක් රහසින්
" හැබැයි පරිස්සමෙන්!"

 

Top