දෙතුන්පලකින් කුදු ගැහීගත්
කළු ගැටිති සහිත උස් පාලම
බිඳුණු හද කැබිලිති අතින් ගෙන
එස්මෙරෙල්ඩා දුටී දැයි විමසන
තිගැස්මෙන් හුස්ම ඇදගත් ඇංජිම
නොදන්නා බව නොකියන
කරකරස් ගා තිරිංගය ඇද
හිත හැදෙන වචනයක් කොඳුරන
පීලි දිග මාවත දෙපැත්තේ
සුපුෂ්පිත කුඩා බාළොලි මල් ය
කැලැල් වැකි පෙති දෙපෙති අවුස්සා
නිකැලැල්ම මදහසක් උපද්දන