1150 x 80 px
ජාතික සංහිඳියාව පතා ඉතියෝපියාවේ දේශපාලන සිරකරුවන්ට නිදහස

කිසිවෙකුත් බලාපොරොත්තු නොවන අන්දමේ දේශපාලන තීරණයකට මුල පුරමින් පසුගිය බදාදා දින එනම් 2018 ජනවාරි 3වන දින ඉතියෝපියානු අග්‍රාමාත්‍ය හේලිමේරියම් ඩිසෙයිලන් (Haile Mariam Desailegn) මහතා හදිසි නිවේදනයක් නිකුත් කළේ ය. ඉන් කියවුනේ දැනට සිරභාරයේ පසුවන සියලූ ම දේශපාලන සිරකරුවන් ඉදිරියේ දී නිදහස් කිරීමට තම රජය අපේක්ෂා කරන බවයි. පසු ගිය වසර 3 මුඵල්ළේ එරට‍ උද්ගතව ඇති ජාතීන් අතර විරසකයන් දුරු කිරීමට මෙම තීරණය ඉවහල් වනු ඇතැයි විචාරකයන් දැනටමත් මත ඵල කර තිබේ.

 

කෙසේ නමුදු ඉඩම් අයිතිවාසිකම් දිනා ගැනීම, මර්ධනය පිටු දැකීම සහ ජන වාර්ගික අර්බුදයන් පදනම් කරගනිමින් පසු ගිය කාලය පුරාවට ම ඉතියෝපියාව තුළ උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබේ. මේ තත්ත්වය තවත් උත්සන්න කරමින් රජයේ අමාත්‍යවරුන් සහ උසස් නිලධාරීන් කිහිප දෙන‍කු ද තම තනතුරුවලින් ඉල්ලා අස් වීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ. මේ අතර තම තීරණය ප්‍ර‍ධාන මාධ්‍ය වෙත නිකුත් කරමින් ඉතියෝපියානු අග්‍රාමාත්‍ය හේලිමේරියම් කියා සිටියේ නිදහස ලබන සිරකරුවන් අතරට දැනට චෝදනා මත නඩු විභාග ෙව‍මින් පවතින සහ විවිධ දේශපාලන හේතූන් මත සිර ගතව සිටින තැනැත්තන් අයත් වන බවයි. ඊට අමතරව වැඩි දුර විස්තර ලබා දීෙම‍න් අග්‍රාමාත්‍ය වරයා වැලකී සිට ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ඉතියෝපියානු ෆෙඩරල් ජනරජය අප්‍රිකාවේ අඟ (The Hone of Africa) යනුවෙන් හැඳින්වෙන භූගෝලීය කලාපය තුළ පිහිටා ඇති අතර එරට හඳුන්වා දිය හැක්කේ බටහිර ජාතීන්හට යටත් කර ගැනීමට නොහැකි වූ රාජ්‍යයන් අතලොස්ස‍ අතුරින් එකක් වශයෙනි. උතුරින් එරිට්‍රියාවටත්, නැඟෙනහිරින් ජිබූටි සහ සෝමාලියාවටත්, බටහිරින් සුඩානය සහ දකුනු සුඩානයටත්, දකුනින් කෙන්යාවටත් මායිම්ව ඇති ඉතියෝපියාවෙහි අග නගරය මෙන් ම විශාල තම නගරය වන්නේ අඩිස් අබාබා (Addis Ababa) ය. මිලියන 102.4ක් වන සමස්ත ඉතියෝපියානු ජනගහණයෙන් සියයට 62ක් කිතු දහම ද සියයට 33ක් ඉස්ලාම් දහම ද, ඉතිරි සියයට 2.6ක් පමණ ජනයා ස්වදේශීය ආගම් ද අදහනු ලබති. වසර 2015 සිට එරට තුළ ප්‍ර‍ධාන වශ යෙන් උද්ඝෝෂණ පැවැත්වෙමින් ඇති අතර සෝමාලියානු දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති ඔරාමියා (Oromiya) ප්‍රාන්තෙහි උද්ගත වූ ඉඩම් අර්බුදය මුල් කරගනිමින් ෙම‍ම උද්ඝෝෂණ රැල්ල ආරම්භ විය. මෙම ප්‍රාන්තය තම මර්මස්ථානය කරගනිමින් ක්‍රියාත්මක ඔරෝමො
විමුක්තිකාමී පෙරමුණ (the Oromo Liberation Front) නම් බෙදුම්වාදී ව්‍යාපාරය රජය විසින් ත්‍ර‍ස්ථ සන්විදානයක් ලෙසට නම් කිරීමත් සමඟ ඊට සහය වන්නේය යන චෝදනාව මත එරට දේශපාලඥයන් රැසක් රජයේ අත්අඩංගුවට පත් විය. වසර 2015ත් 2016ත් අතර කාල වකවානුව මෙම උද්ඝෝෂණ හා ප්‍ර‍චණ්ඩ ක්‍රියා වඩාත් උත්සන්න වූ යුගයක් සනිටුහන් කළ අතර එරට පාර්ලිමේන්තුව විසින් සිදුකරන ලද විමර්ෂණයක දී හෙලි ව ඇත්තේ සාමාන්‍ය සිවිල් වැසියන් 700ක් පමණ‚ පැවති මෙම උද්ඝෝෂණවලදී මිය ගොස් ඇති බවයි.

ඉඩම් අර්බුදය මුල් කරගනිමින් ඇරඹි මෙම උද්ගොෂණ රැල්ල ක්‍ර‍මයෙන් මර්දනයට එෙර‍හිව දියත්වන දේශපාලන කුණdටුවක් බවට පරිවර්තනය වීම ඉතා සුලු කාලයක ඇවෑමෙන් සිදු විය. එරට රජය විසින් මීට පිලිතුරු සපයනු ලැබුවේ මර්දනය තුලින් වීම නිසා රට තුළ විශdල ෙල‍ස මානව හිමිකම් උල්ලංඝනයන් වාර්තා වන්නට පටන් ගැනිණි. ඔරෝමියා ප්‍රාන්තයෙහි ප්‍රධාන විපක්ෂ කණ්ඩායමක් වූ ඔරෝමො ෆෙඩරල් කොංග්‍ර‍සය (Oromo Federal Congress) හි ප්‍ර‍භල සාමාජිකයන් වූ මෙරේරා ගුඩිනා සහ බිකෙල් ජර්බා නිවාස අඩස්සියට පත් වීම ද මේ අතර ම සිදු විය.

ලෙයින් ලියැවුන යුගයක අවසානයක්
ඉතියෝපියානු අග්‍රාමාත්‍ය වරයාගේ මෙම තීරණය පිළිබඳ සිය ප්‍ර‍සාදය දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය දක්වා සිටින්නේ එය ලෙයින් ලියැවුන යුගයක අවසානය සනිටුහන් කරන්නක් වනු ඇති බවයි. එසේ ම මෙය මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන යුගයක් කරා පරිවර්තනය කිරීමට නම් වද හිංසා ලබා දීම් ද ඇතුළු දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ කඩිනම්ව විමර්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් දීම සිදු කර යුතු බව රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඉතියෝපියානු ස්වාධීන දේශපාලන විශේෂඥයෙකුවන ෆිසෙහා ටෙකල් විසින් පෙන්වා දී තිබේ. ඉතියෝපියාව අප්‍රිකා කලාපයේ ගැටුම් බහුලතම රාජ්‍යයන් ද්විත්වයක් වන සුඩානය හා ශෝමාලියාවට අතරමැදිව පිහිටා තිබීම හේතුවෙන් එරට රජය කුමන මොහොතක වුව ද පැන නැඟිය හැකි විදේශීය ත්‍රස්ථ තර්ජනයකට සූදානමින් පසු වෙයි. කෙසේ නමුදු ඉතියෝපියානු විපක්ෂ කණ්ඩායම් දිගින් දිගට ම චෝදනා කර සිටින්නේ රජය මෙම නීති යොදා ගනිමින් විපක්ෂ කණ්ඩායම් මර්දනය කිරීමටත් දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරමින් මාධ්‍ය නිදහස අවහිර කිරීමටත් කටයුතු කරන බවයි.

මේ සියල්ල අතරතුර පසු ගිය මාස කිහිපය තුළ ඔරෝමියා ප්‍රාන්තයෙහි වාසය කරන ඔරෝමො සහ ශෝමාලි ජන වර්ග අතර වාර්ගික ගැටුම්වල ගිනි දලු ප්‍රාන්තය පුරා පැතිර ගියේ ය. මින් දුසිම් ගණනක් වූ මිනිසුන් මරණයට පත් වූ අතර තවත් සිය ගනණක් ජනයාට තම ගේ දොර අතහැර පලා යෑම‍ට සිදු වීම නිසා උන් හිටි තැන් අහිමි විය. මෙම අර්බුදය නිමා කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ අරමුණින් පසු ගිය සති කිහිපය පුරාවට ම එරට පාලක පක්ෂය තුළ සාකච්ඡා වට ගනණාවක් පැවති අතර එහි දී පැමිණි අවසන් එකඟතා අනුව මෙම තීරණයට එලඹීමට අග්‍රාමාත්‍ය වරයා කටයුතු කර ඇත. ඒ අනුව මෙම පියවර පෙන්වා දිය හැක්කෙ සමස්ත ඉතියෝපියානු හදවත් පුරාවට ම උඩු දුවමින් පවතින ජන වාර්ගික අර්බුදය
නම් තුවාලය සුවපත් කිරීමට සිදු කළ සාර්ථක සැත්කමක් වශයෙණි.

දිසුර ජයවර්දන

Top