1150 x 80 px
ඔබගේ වැඩිහිටියන්ව නිහඬ කල්පනා ලොවක තනිකිරීම ඔවුන්ව මානසික රෝගීන් බවට පත්කිරීම හා සමානය.

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා යැයි පැවසුවත් කතාව ඖෂධයක් ද විය හැකි බව ඔබ සිතුවාද?

“එක්සත් රාජධානියේ ජීවත්වන වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකකට ඔවුන්ගේ ප්‍රශ්න කතාකිරීමට කෙනෙකු නොමැත. ”

මානෙල් මල් සුවඳ මෙන්ම, කුඩ මසුන් පිළී ගඳ මෙන්ම හොඳට නරකට දෙකට කටමය යනුවෙන් අතීතයේ පැවසුවද ඔබට කියන්නට යන මෙම කාරණාව මානෙල් මල් සුවඳක් මෙන් අපේම වැඩිහිටියන්ගේ ජීවිත සුවඳ කරනු ඇත. සුවපත් කරනු ඇත. මෑතකාලීනව එක්සත් රාජධානියේ සිදුකළ සමීක්ෂණයක් පෙන්වා දෙන්නේ කවුරුන් හෝ තමන් සමග කතා කරන තුරු ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් තුනෙක් දෙකක ප්‍රමාණයක් අපේක්ෂා දෑසින් යුතුව බලා සිටින බවයි.

2500 දෙනෙකු නියැඳියක් වශයෙන් ගෙන සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව 66% ක වැඩිහිටියන් ප්රෙකාශ කර ඇත්තේ ඔවුන්ට ඇති මානසික විහීනතා ගැන කතා කිරීමට හෝ ඔවුන්ගේ සම්බන්ධතා හා මුදල් තත්ත්වය පිළිබඳව කතා කිරීමට කිසිවෙකු නොමැති බවයි. ඔබ දන්නවාද මෙම ගැටළුව පිළිබඳ ඔවුන් ලබාදුන් පිළිතුර වඩාත් අපූර්ව වන්නේ අනෙකා සමග කතා කිරීමට සුදුසු වේලාවක් හෝ අවකාශයක් සකසා ගැනීමේ ගැටළුවෙන් ඔවුන් පෙළෙන නිසාවෙන්ය. ඔබේ වැඩිහිටියන් ඔබ සමග කතා කිරීමට සුදුසු වේලාවක් සොයමින් සිටිනවාය යන්න වෙනත් ආකාරයකින් සිතන්නේ නම් සමීපමතමයින් සමග ගත කිරීමට වේලාවක් ඔබ විසින් උපයා ගත යුතු බවයි. “වෙනසක් වෙනුවෙන් හොඳම කාලයයි” යනුවෙන් නම් කරන ලද මානසික සෞඛ්‍යය හා සම්බන්ධ ව්‍යාපෘතියක් ආශ්‍රෙයන් සිදුකළ මෙම සමීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ අනෙකා සමග කතා කිරීමට වේලාවක් උපයාගැනීමට නොහැකිවීමේ ඛේදවාචකයයි.

මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සූ බේකර් පවසන ආකාරයට සියලුම දෙනා “කතාකිරීමට ඇති බාධක” බිඳදැමීමට සුදුසුම කාලය පැමිණ ඇත. එයට හේතුව වැඩිහිටියන් යනු වෙන කාගේවත් අය නොව අපේම අය වන නිසාය. ඔබගේ මව හෝ පියා, ඔබගේ මිත්තණිය හෝ මුත්තණුවන් ඔබ සමග කතාකිරීමට වේලාවක් හා අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටිනවා විය හැකිය. වෙන කාට හෝ කියාගැනීමට නොහැකි, එසේ කියා පළක් නැති කතාන්දරයක් ඔබ සමග පැවසීමට නොහැකිව ළතවෙනවා විය හැකිය. ලෙඩ ඇඳක, රෝද පුටුවක, හාන්සි පුටුවක, දුප්පත් ගෙදරක පැදුරු කඩමාල්ලක සිට ඔවුන් ඔබගේ හඬ ඇසෙන තුරු බලාසිටිනවා විය හැකිය. ටයිම් ටු චේන්ජ් හෙවත් වෙනසක් වෙනුවෙන් හොඳම කාලයයි යන ව්‍යාපෘතිය මගින් ඔබට පවසා සිටින්නේ එම පණිවිඩයයි.

මෙම වැඩිහිටියන්ගෙන් 36%ක් ප්‍රකාශ කළේ ඔවුන්ට කිසිම දිනක තමන්ගේ ප්ර ශ්න කතා කිරීමට සුදුසු වෙලාවක් නොලැබුණු බවයි. 28% දෙනෙක් තමන්ගේ අවශ්ය තාවය තේරුම්ගත හැකියැයි සිතන අය වෙනුවෙන් බලාසිටින බවත්, තවමත් එවැනි අය හමුවී නැති බවත් ප්‍රකාශ කර තිබුණි. කල්‍යාණ මිත්‍ර සම්බන්ධතා හෝ , අනෙකාගේ ප්‍රශ්න ඇසීමට තරම් සුදුසු මානසිකත්වයත් ඇති අය සොයාගැනීමේ දුෂ්කරතාවය හෙවත් අප අනෙකා වෙනුවෙන් කොතරම් නම් සංවේදීද යන කරුණ මගින් මෙම සාකච්ඡාව වෙනස්ම මානයකට රැගෙන යයි.

මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගෙන් 22%ක් පවසා සිටියේ වසර ගාණක සිට ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ කතාකිරීමට “හොඳම වේලාව” එනතුරු බලාසිටින බවයි. අපට ඕනෑ තරම් මිනිසුන් සමග කතා කළ හැකිය. කටට එන්නන් වාලේ ඔහේ කියව කියවා සිටියද හැකිය. එහෙත් ඔබගේ ප්‍රශ්න පිළිබඳව, ඔබ මේ අවස්ථාවේදී පිටතට නොපෙන්වා සිනාසෙමින් සිටියද, ඇත්ත වශයෙන්ම ඔබට කතාකිරීමට දෙයක් තිබේය යන්න තේරුම්ගත හැක්කේ සහෘදයෙකුට පමණි. සහෘදයා යනුවෙන් අදහස් කරන්නේ සමාන හදවතක් ඇති තැනැත්තා යන්නයි.

ඔබේ දුක හෝ ඔබේ ප්‍රශ්නය අසා, දැක තෙත් නොවන පපුවක් වෙනුවෙන් ඔබේ ප්‍රශ්නයය විවර කිරීමෙන් පළක්වන්නේ නැත. ටයිම් ටු චේන්ජ් ව්‍යාපෘති අධ්‍යක්ෂතුමිය පවසා සිටින්නේ යම් යම් දේවල් කතා කිරීමට සුදුසුම වේලාවක්, අවකාශයක් හා ස්ථානයක් අවශ්‍යම බවයි. විශේෂයෙන්ම ඔබ කතා කිරීමට සූදානම් වන්නේ මානසික වශයෙන් වධ දෙන හෝ වෙනයම් ආකාරයකින් පීඩාවකට පත්වන දෙයක් නම්, වැඩිහිටියෙකු ලෙස උපේක්ෂාවෙන් යුතුව ඉවසා සිටීමෙන් අනතුරුව තවදුරටත් එය දරාසිටිය නොහැකි අවස්ථාවක් වන්නේ නම් වැඩිහිටියන්ගේ ප්‍රශ්නය තේරුම්ගැනීමට සුදුසුම අවස්ථාව තෝරාගන්න. මෙම අවස්ථාව වඩාත් වැදගත්වන්නේ පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට මෙන්ම එම පුද්ගලයාගේ ආයු කාලය පවා වැඩිකිරීමට තරම් ප්රුබල බලපෑමක් එල්ලකළ හැකි සාකච්ඡාවක් වන නිසාය.

මෙම සාකච්ඡාව නිවසේදී, වැඩපොළේදී, සිනමා ශාලවකදී හෝ මෝටර්රථයකදී විය හැකිය. ස්ථානයට වඩා වැදගත්වන්නේ සවන්දීමට හා කතාවක් පැවසීමට එය සුදුසුම වේලාවක්ද යන්නයි.

මේ වෙනුවෙන් එංගන්තය සිදුකළේ පෙබරවාරි පළමුවැනිදා “ කතා කිරීමට වේලාවක් වෙන්කිරීමේ දිනය” ලෙස නම්කිරීමයි. ඔබ සැබෑ ලෙසම ඔබේ ළබැදියන්ට ආදරය කරන්නේ නම්, ඔවුන් ඔබව පෝෂණය කළා හෝ ඔවුන් සමාජය පෝෂණය කිරීමට මහන්සි වූවා යැයි සිතනවානම් ඔවුන් සමග කතා කිරීමට දවසක් වෙන්කළ යුතු නැත. එහෙත් සෑම දෙයක්ම යාන්ත්රි්ක වූ ලෝකයක් තුළ මනුෂ්යන සම්බන්ධතා පවා යාන්ත්රිවක නොවී පැවතිය නොහැකි නිසා ඔබේ ආදරණීයයන් සමග කතා කිරීමට දවසක් වෙන්කිරීමට සිදුවීමද මනුෂ්‍යත්වය ගැන දෙවරක් සිතාබැලිය යුතු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙම අදහස්වලට තවත් එකතුකිරීමක් කරන සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය සම්බන්ධ රාජ්‍ය ලේකම් ජෙරම් හන්ට් පැවසූයේ “ බොහෝ මිනිසුන් ප්ර මාණයක් තමන්ට ඇති මානසික ගැටළු ගැන කතාකිරීමට තවමත් පැකිලෙමින් සිටින බවයි”.

එහෙත් අන්‍යයන් සමග කතා කිරීම වෙනුවෙන් දිනයක් වෙන්කිරීම මගින් යහපත් සංවාදයේ පවතින බරපතල බව මෙන්ම අනෙකාට සහාය වීම වෙනුවෙන් කුඩා හෝ පියවරක් තැබීම වැදගත් ලෙස සැලකිය යුතුය.

මසකටත් වඩා වැඩි කාලයක් තිස්සේ යහළුවෙක් හෝ නෑදෑයෙක් සමග කතා කිරීමට අවස්ථාවක් නොලැබුණු මිනිසුන් ගැන ඔබ මඳක් සිතා බලන්න. එක්සත් රාජධානියේ ලක්ෂ දෙකකට අධික වියපත් පිරිසක් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙන බව සමීක්ෂණයේදී පවසා ඇත.

එමෙන්ම මිලියන නවයකට වඩා වැඩි පිරිසක් නිතරම හෝ බොහෝවිට තනිකමෙන් පසුවෙන බව පවසා ඇත. මෙම සමීක්ෂණය මගින් අපට කියාදෙන්නේ මනුෂ්යිත්වය කොතරම් දුරස්ථද යන්නයි. ආදරයට සීමාවන් හෝ මායිම් නැතැයි ප්‍රකාශ කළද, වියපත් වූ පසු අපේම දෙමව්පියන්, වැඩිහිටියන් සමහරවිට අප සමග ජීවත් වුවද මානසිකව කොතරම් නම් දුරස්ථද යන්නයි. අප අසා පුරුදු දෙයක් නම් “අනේ මම එයාව බලන්න යන්න හිටියේ. කොහෙද ඉතින් මේ වැඩ එක්ක වෙලාවක් හොයාගන්න බැහැනෙ, අනේ එයා මට කීප සැරයක්ම කිවුව හම්බවෙන්න ඕන කියල” යනුවෙන් පැවසීමට විනා සැබෑ වශයෙන් ඔවුන්ගේ ජීවිත සමග සම්බන්ධවීම නොවේ.

ඔවුන් සමග කතා කිරීම වෙනුවෙන් වෙලාවක් හොයනවාට වඩා, ඔවුන්ට කෑමක් හදාගෙනම බලන්න යන්න ඉන්නවාට වඩා දුරකථන ඇමතුමක් ලබාදෙන්න. කෙටි පණිවිඩයක් යවන්න. ලිපියක් ලියන්න. මේ දේවල් ඔබ වෙනත් දෙයක් කරනගමන් වුවද කළ හැකිය. වර්තමානයේදී තාක්ෂණය දියුණු තරමටම ඔවුන් සමග සම්බන්ධ වීමට ක්‍රම සොයාගැනීමට ඔබට අපහසු නොවනු ඇත. එමෙන්ම වැඩිහිටියන් යනු මනස බොහෝ වෙහෙසවීමට නොහැකි පිරිසක් බව මතක තබාගෙන ඔවුන් සමග කතා කරන්න. ඔබේ ප්‍රශ්න ටික ඔවුන්ගේ හිස මත නොතබා, ඔවුන්ගේ ප්‍රශ්න ඔබගේත් කර නොගෙන ඔවුන් වෙනුවෙන් ඇහුම්කන් දෙන්න.

සමහරවිට ඇහුම්කන් දීම ඔවුන්ට ඔසුවක් වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය සමාජය තුළ මානසික ආබාධ හෝ මානසිකව තනිවීම යනාදිය පිස්සු මෙන් තේරුම්ගැනීමට මිනිසුන් උත්සාහ ගනු පෙනේ. පිස්සු යනු එකකි. හුදෙකලාව යනු තවත් එකකි. පාළුව යනු තවත් එකකි. මේ සියල්ල මිනිසුන්ට පොදු කාරණා වුවද මිනිසුන් වශයෙන් අපගේ ළබැඳියන්ට මෙලෙස සිදුවීමට ඔබ හේතුවක් වෙන්න එපා. කරුණාකර ඔවුන්ට ළංවෙන්න. අසා සිටින්න. නිහඬතාවය බිඳදැමීම ගැඹුරු සංවාදයකට මුල පිරීමක් මෙන්ම ආයු වර්ධනයට ආශිර්වාදයක් වනු ඇත. කුඩා කාලයේදී ඔබට ආශිර්වාදයක් වූ ඔවුන්ට දැන් ඔබ ආශිර්වාදයක් වන්න.

- තුෂාර මනෝජ්

පෙර සබැඳි-

සුද්දට නම් අද හිතෙනව ඇති ආයිබෝවන්ඩ, ඇති යන්තම් අපි මුන්ගෙන් නිදහස් වුණා කියලා!

හත්පෙති මලින් ජීවිතය සොයන පණ්ඩක පුත්‍රයෝ

පත්තිනි සළඹින් ඇසෙන ආඩම්බරකාර ‘පො‘යන්නේ හඬ

 

 

 

Top