1150 x 80 px
මහ වැසිවලින් පසුවත් දකුණු අප්‍රිකාවට තවම නියඟය!

දකුණු අප්‍රිකානු නායක ජේකබ් සූමා ගෙදර යා යුතු යැයි ඔහුගේ පක්ෂය තීරණය කර තිබෙන්නේත් වසර තුනකට පසු කේප්ටවුන් නුවරට වැසි බිඳක් වැටුණේත් එකම දිනයකදී ය.

නමුත් තවම ඔහු යන පාටක් නැත. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව ඉදිරියේ විශ්වාසභංගයක් ගෙන ඒමට සිදුවනු ඇත. පාලක ANC හෙවත් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ස්ථාවරයයි. දෙසැම්බරෙය් නායකත්වයට පත්වූ පක්ෂ නායක සිරිල් රැම්පෝසා ඒ බව අවධාරණය කරයි. නමුත් ඉදිරි සැලසුම් ඔවුන් තවම හෙළි කර නැත. ඇතැම් විට සියල්ලටම පෙර, මේ ඒකාධිපතියා ගෙදර යැවිය යුතු යැයි ඔවුන් සිතනවා වන්නට පුළුවන.

මේ වන විට දකුණු අප්‍රිකාව මුහුණ දී සිටින්නේ කෛස් හෝ ජේකබ් සූමා ගෙදර යැවිය යුතු තත්වයකට ය. 2009 වසෙර් පටන් දකුණු අප්‍රිකාවේ නායකත්වය හෙබවූ සූමා අති දැවැන්ත දූෂණ'චෝදනාවලට ලක් ව සිටියි. ඒ සියල්ලම පාහේ ‘හයි ප්‍රොෆයිල් ස්කැන්ඩල්ස්‘ (high profile scandles) නොහොත් දැවැන්ත අපවාදයන් ය. රජෙය් මුදල් යොදවා ඉදිකළ මහාමන්දිර ඒ අතරින් ප්‍රධාන ය. ඔහු කඳුකරබද ඒන්කාලා ප්‍රදේශයේ අති සුවපහසු මන්දිරයක් ඉදි කෙළ්ය. ඒහි දිය තුළ තැනූ ඇම්ෆිතියටර් චිත්‍රාගාරයක් ද වෙයි. අධිකරණ තීන්දුවකින් ඒම මුදල් ආපසු ගෙවීමට නියම කළද මේ දක්වා ඔහු ඒවා ගෙවා නැත.

2016 දී දකුණු අප්‍රිකානු මහාධිකරණය තීන්දු කළේ සූමා මහා පරිමාණ ආයුධ ජාවාරමක කොටස්කරුවෙකු බවයි. මුදල් විශුද්ධිකරණය සහ මුදල් ජාවාරම ද ඔහු සම්බන්ධ'බව සනාථ වූ මූල්‍ය අපරාධයන් ය. මේ නඩුවේදී ඔහු අපරාධ චෝදනා 18කට හසුවිය.

සිය කැබිනට් මණ්ඩලය ඔහු හිතුමතයට පාලනය කරන්නේ මෙසේ ය. 2015 දෙසැම්බරෙය්දී ඔහු සිය මුදල් ඇමති ඒන්බාලා කෛන් ගෙදර යවා ඒ වෙනුවට ඬේවිඞ් වැන් රූයෙන් නමැති කිසිවෙක් වැඩිපුර නොදන්නා මන්ත්‍රීවරයා මුදල් ඇමති ලෙස පත් කළේය. . එහි බලපෑම කෙතෙක්ද යත් දකුණු අප්‍රිකානු කොටස් වෙළඳ පොළද ඒ ප්‍රවෘත්තියත් සමග කඩා වැටුණේය. ඉන් සතියක් ඇතුළත රූයෙන් ව ඉවත් කර ප්‍රවීන් ගෝර්ධාන් නමැති තුන්වැනි මුදල් ඇමතිවරයෙක් පත් කළේය.

ඔහු මේ වන විට 8 වතාවක් පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයන්ට මුහුණ දී තිබේ. ජාත්‍යන්තර ශීර්ෂපාඨ මැවූ පාර්ලිමේන්තු ගුටිබැට හුවමාරු ද ඒ අතර වෙයි.

නමුත් ඔහු යන්නේ නැත. ඒ නිසා දැන්වත් යාවිද යන්න සැක සහිත ය. බාගවිට ඔහු විසින් ‘මුගාබේ පැකේජය‘ ඉල්ලා සිටින්නට ඉඩ තිබේ. මේ පැකේජයට ‘මුගාබේ පැකේජය‘ යන නම ලැබී තිබෙන්නේ ඒය තවත් මහා දූෂිත රාජ්‍යයක් වන සිම්බාබ්වේ පාලනය කළ ඒකාධිපතියා රොබට් මුගාබේ ගෙදර යැවීම සඳහා ඔහුට පිදූ දොළ පිදේනිය ඒය වූ නිසා ය. ඒ අනුව මුගාබේ ගෙදර යන්නට ඒකඟ වූයේ තමන්ට ඒරෙහිව මෙයින් මතු නඩු පැවරිය නොහැකි බව, තමන්ට පමණක් නොව තමන්ගේ භාර්යාවට ද නඩු දැමිය නොහැකි බව, ඩොලර් ලක්ෂ එකහමාරක මාසික පඩියක් සහ මන්දිර වත්කම් එලෙසම තැබිය යුතු බව යනාදී වූ සකලවිධ කොන්දේසි සහිතව ය.අවසානයේ එසේ හෝ මුගාබේ ගෙදර යැවිය යුතු නිසා හමුදා පාලනය එයට කැමති විය. මුගාබේ තවදුරටත් ජනතා මුදල් අනුභව කරමින් සතුටින් ජීවත් වෙයි. මේ 75 හැවිරිදි ඒකාධිපතියා ද දත කන්නේ එවැනි ප්‍රවේශයකද? මේ සිටින්නේ රොබින් සිර කඳවුරේ නෙල්සන් මැන්ඩෙලා සමග පුරා වසර 10 ක් ඒකට සිරබත් කෑ, - සුදු ජාතිකයන්ගෙන් දකුණු අප්‍රිකාව ගළවා ගන්නා බව කී අධිරජ විරෝධී ජනතා පාලකයා ය!

මේ අතර කේප් ටවුන් නගරයට මෑතකදී ඇද වැටුණු විස්මිත වැස්ස ගැන සොයාබලමු.

කේප් ටවුන් නුවර පැවති වසර ගණනාවක නියඟය විසින් කේප් ටවුන් වැසියන්ගේ ජීවිත තවදුරටත් දුකට ඇද දමා තිබුණේ ජීවිත සිහිනයන් බොඳ කරමිනි. අප්‍රේල් මාසය වන විට ජල නළවලින් අවසන් ජල බිඳුවද වැටී ජලය බිඳකදු නැති නගරය බවට කේප් ටවුන් පත්වන්නට තිබුණේ තව දින ගණනක් පමණි. රත්රන්වලටත්, මුදල් වලටත් වඩා වටිනාකමක් පසු ගිය සිකුරාදා දින තෙක්ම කේප් නුවර ජලයට ලැබෙමින් තිබු‍ණ අතර ආහාර පිසින්නටත්, බොන්නටත්, නාන්නටත්, අන් සියලු‍ දෑ කරන්නටත් එක් අයෙතුට ලැබෙමින් තිබුණේ ජලය ලීටර් 25ක් පමණි. එහි බරපතළ'කම කෛතක් ද යත් ඒක් කේප්ටවුන් වැසියෙක් ප්‍රකාශ කෙළ් වැසිකිළියට වතුර ගැසීම පවා, ජලය හිඟකම අතෙර් තමන් කරන වැරැද්දක් ලෙස හැඟී යන බවයි.

ඔවුන් බේරා ගන්නට හැකි එකම බලවේගය වූයේ කේප් ටවුන් වලට ඉහළින් තිබූ අහසට පමණි. කිසිදු දේශපාලන බලවේගයකට ඔවුන්ට බීමට දිය පොදක් දිය නොහැකි බව ඔවුන් අත්දැකීමෙන්ම දැන සිටි බවට සැක නැත.

මේ අතර කේප් අහස පසුගිය සිකුරාදා හවස කළු වුණේය. වසර 3කට පසු කේප් නගරයට වැසි ඇද හැළුණේය. ඒ වන විටත් ජනතාව සිටියේ යාඥා කරමිනි.

මිලි මීටර් 2-10 ත් අතර වර්ෂාවක් අවසානෙය් ඔවුන්ට ලැබී තිබුණි. සිය නිවෙස් වලින් පිටතට පැමිණි කේප් වැසියෝ මෙතෙක් ජලය නොමැතිව පීඩා විදිමින් තිබූ සිය සිරුරු වලට වැසි බිඳු වල පහස ලබා දුන්හ.

සිය සතුට සමාජ මාධ්‍යවල පළ කරමින් අන් සියල්ලන් හා බෙදා ගත්හ.

හිටි හැටියේම තමන් වෙත දෙවියන් සේ පැමිණි වර්ෂාවෙන් වැටෙන ජලය තම නිවෙස්හි තිබුණු සියළු භාජන පිරවූ ඔවුන් කාලයක් තිස්සේ සෝදා පිරිසිදු කළ නොහැකි වූ සිය නිවෙස්ද වැසි ජලයෙන් පිරිසිදු කර ගත්හ.

ලබන අප්‍රේල් මස වන විට තම ජනතාව වෙත කිසිදු ලෙසකින් ජලය ලබා දිය නොහැකි බව පැවසී තිබුණු අතර පසුගිය සිකුරාදා වන තෙක්ම ජනතාවට ජලය ලැබුණේ දිගු පෝලිම් වල මඟබලා සිටීමෙන් අනතුරුවය.

කෛස් නමුත් ඒ වැටුණු වැස්ස, කේප් ටවුන් හි නියඟය නිමාකරන්නට සමත් නොවේ. මතුපිට පොළොව තෙමන්නට පමණක් එය යන්තමින් සෑහුණේය. නගරෙය් ලොකුම ජලාශය සිඳී ගිය ගතිය තවම එසේම ය.

අවසන් ජල බිඳ කේප්ටවුන් ජල කරාමවලින් පතිත වන දිනය Day Zero යනුවෙන්  නම් කර තිබිණි.  දිනය අප්‍රේල් 5වැනිදා හෝ ඊට ආසන්න දිනයක් බව ද මීට පෙර කියැවී තිබිණි. නමුත් දැන් මේ මහා වැස්සෙන් පසු සිදුව තිබෙන්නේ Day Zero මැයි 11 වැනිදා දක්වා කල්යාම පමණකි.

ජේකබ් සූමා ජනාධිපති ධුරෙයන් ඉවත් කිරිමට පාලක පක්ෂය ගෙන ඇති තීරණය ද Day Zero කල් යාමක් නොවේ යැයි කාට කිව හැකිද? දකුණු අප්‍රිකාව දැන් පාරිසරික නියඟයකට ද මුහුණ දී සිටියි. එයටම නොදෛවනි දේශපාලන දුර්භික්ෂයකට ද මුහුණ දී සිටියි.

හංසනී සම්පත් | රදිකා ගුණරත්න

http://outboundtoday.com/

Top