1150 x 80 px
වඳ සැත්කම්
මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු දම්මිකය තනියම ජීවත් වෙච්ච ගෙදර තුන්දෙනා එක්ක කයියක් ගහගන ඉන්නවා , ඔව් ඔව් එදත් මලක් ලයින් කරන ගමං තමා , ඒ  ගෙදර ඉතින් හෙන නිදහස් දම්මිකයා විතරයි හිටියේ  ඒ වත්තේ මීටර් සීයකටත් එහා පැත්තේ උන්ගේ මහ ගෙදර තිබුනේ ..... සමහර වෙලාවට කොල්ලො පිරිලා , ඔය එහෙං මෙහෙං හොයාගත්ත වේට් සෙට් එකක් , බංකු , ඇදක් , පැදුරු තව දම්මිකයගේ  පොත් පත් මේසය ආ තව ලොකු කන්නාඩියක් තිබුනා. ඊට අමතරව එහා කෑල්ලේ පොඩි කුස්සි කෑල්ලක් තිබුනා .... වෙන මොකවත්ම නැ .... බෝල කුඩුවෙයි .... ඉස්කීරීමෙයි .... රෙදිනං තිබුනා එක එකාගේ. කොල්ලොන්ගේ වැඩේ සිකරට් ගහනවා මල් ගහනවා අරක්කු බියර් ලැබුනොත් ඒවත් බොනවා .... වේට් කරනවා , කන්නාඩිය ඉස්සරහට ගිහිං පුම්බල බලනවා ..... බලාන ඉන්දැද්දි ඇට ගැහෙනවා ගැන්සියම.
අපි තුන්දෙනා එදා කතා බහ කරකර හිටියේ උන් දෙන්නගේ නෑදෑ සහෝදරයෙක් වෙච්ච කපිලය උන්ගේ නෑදෑ සහෝදරියෙක් වෙච්ච චන්දිමාව උස්සං ගිය කතාව .... එතකොට ඕන්නං ඔය සිද්ධිය වෙලා දවස් පහක් ඇති.ඔය කපිලය ට ඇවිල්ලා අනුරයගේ වයස , චන්දිමා මටත් බාලයි , ඕකුන් දෙන්නගේ හුට පටය අපි තුන්දෙනා දැනගත්තා මුලදිම සහෝදරයෝ විදිහට අනුරයයි , දම්මිකයයි දෙන්නා තදින්ම අකමැත්ත ප්‍රකාශ කෙරුවා කපිලයට , ඒකට හේතුව තමයි ඔය ජෝඩුවගේ තිබුන නෑදෑකම. ඔය කපිලයගේ තාත්තගේ මල්ලිගෙ කෙල්ල තමයි චන්දිමා .... ඉතින් දෙයියනේ මිනිස්සු යාලුවෝ වශයෙන් අපෙන් අහනකොට අපි එපැයි උත්තර දෙන්ඩ.
 
ඔය චන්දිමා අපේ ඉස්කෝලෝ ... මං එතකොට ඕලෙවල් කරලා ඉවර උනත් ... එක හමාරට ඉස්කෝලේ ගාවට යනවා ... ඇයි දෙයියනේ මොනතරං රාජකාරි තියනවද එතකොට ඉස්කෝල ගේට්ටුව ගාව. සමහර දවසට ඕකි මාත් එක්ක එනවා ඉස්කෝලෝ ඉදං එහෙම දවසක මාත් ඔය ගැන ඒකි එක්ක කතා කරල තියනවා .... මොන කිසිම අංගපුලාවක් නැ ඒකිගෙත් ... කියන දෙයක් කනකට ගත්තෙම නැ ..... අන්තිමට කියුවේ ඉන්නවකො මම කියන්නං කපිල අයියට කියලා ..... මට ඉතින් අසුහාරදාහට මල පැන්නා හොදක් කරන්ඩ ගිහිං තව කුණු කතා අහන්ඩ..... කපිලට කියල තොපේ අම්මට අහවල් එක කරගනිං කියල .... ගෙදර ආවා ..... කපිලය නෙමෙයි ඔව්වා මගෙන් අහන්ඩ ආවේ.
 
කොටින්ම ගෙවල් දෙකේම මහ එවුන් කැමති නැ .... හත්මුතු පරම්පරාවම කැමති නැ .... කොටින්ම නහර කාරයෝ වෙච්ච අනුරලාගේ ... දම්මිකලගේ  තාත්තල දෙන්නට අහුවෙන්ඩ යන්නේ නැ කපිලයයි .. චන්දිමයි.
 
උන් නැදැයෝ කියමුකෝ ...ගමේ උන්ට ඊට වැඩිය පුකේ අමාරුව, වැඩිය වදේ විදින්නේ මමයි ධම්මිකයයි අනුරයයි, අපෙන් තමයි අහන්නේ .... අයියල නංගිලා  නාඩගං නටනවා ... උඹලා සහෝදරයෝ  යාළුවෝ වෙලා උල්පන්දං දෙනවා කියල. ඔහොම ටික ටික ගෙවල් දෙකේ එවුන් ජම්මන්තර වෛයිරයි .... සතියට දවසක් දෙකක් වලි , මුන් දෙන්නට ගානක් නැ. කොහොමහරි වැඩේ ඇදගන යනවා. ඔහොම ගිහින් ගිහින් තමයි රස්සාවකුත් හරියට නැතුව කෙල්ලට ඔලෙවල් ඉවර උන ගමං කපිලය කෙල්ල ඇරං පැනලා ගියේ ... අනුරය දන්නෙත් නැ , දම්මිකය දන්නෙත් නැ ... මම දන්නෙත් නැ .... යාළුවෝ කාටවත් යන එන තැනක් කියලත් නැ , මුං  ගාව සල්ලිත් නැ කියල අපි දන්නවා ... අපිට හෙන අප්සට් ......එකට හිටපු එකානේ .... මොනව උනත් කෙල්ලත් එහෙමයි ... හොර කුකුලෙක් .... ඉත්තැවෙක් ලිපේ තියාගන්ඩ බැදපු තුනපහ ටිකක් ඉල්ලන්ඩ ගියත් ......හප්පෝ තමුසෙලගේ මලවදේ අයියේ කියල .... සුදුළුණු බිකක් දෙකකුත් දෙන එකී..... ගෙට ගොඩ උනොත් ප්ලේන්ටියක් වරද්දන්නේ නැ .... හැබැයි නයිස් බිස්කට් පැකට් එකක්නං ... කොහොමහරි කඩාගන්නවා.
 
ඔය කතාව තමයි දැං අපි කතා කර කර ඉන්නේ .... ජනේලය ගාව හිටිය මං පේනවා නිමල් අංකල් එනවා ... නිමල් කියන්නේ අනුරගෙයි , දම්මිකයගෙයි දෙන්නගෙම මාම...
 
‘‘ ඒ  මචං නිමල් ලොක්කා එනවා ගහපං මෙට්ටේ අස්සේ ‘‘
 
‘‘ අපේ නිමල් මාමද  .... හරි මංජුවෝ  පොර අවුලක් නැ ‘‘
 
‘‘ ....අම්මට හුඩු සතර පතර ....මයේ බෑනල දෙන්නම ඉන්නවා ‘‘
 
‘‘ නිමල් මාමේ  කොහොමද ‘‘
 
නිමල් ලොක්කා හොදට ගහලා  ... පොර බිව්වට වැනෙන්නේ නැ .... බහුබූත විකාර කියවන්නෙත් නැ ..... බීලද නැද්ද හොයන්ඩත් බෑ .... බොන එකේ සීමාවකුත් නැ .... හැබැයි පොර බීලා කියල අපි දැන ගන්නේ පොඩි සීන් එකකින් ..... මෑන් .... බීලා ඉන්න වෙලාවට .... අම්මට උඩු සතර පතර  .... කියල කියනවා .....  කොටින්ම දැං මාස කිහිපයකට උඩදි .... මං මාස ගානකට පස්සේ  අපේ හෝම් ටවුන් බැස්ස වෙලාවක ... හැනපියර් බාගයක් ඇරං බයික් එක පැත්තට හැරෙන කොට ... මෑන් මගේ ඇගේ  හැප්පුනා  ... දැං ගොඩක්  වයසයි ... කටේ දතුත් හැලිලා .... මං .... අනේ   සොරි අංකල්  කියුවා  .... මට පොරව අදුරගන්ඩ බෑ   .... මෑන් මාව අදුරගත්ත  කියහංකෝ   ..... ඉස්සර හෙන කැහුටු   .... නොදන්න කෙනෙක්ට හොයන්ඩ බැරි විදිහට මුහුනුවර වෙනස් වෙච්ච ..... නෑදෑයන්ට අදුරගන්ඩ බැරි ... මාව ... මේකා   එකපාරට අදුරගත්තා කියහල්ලකෝ.
 
‘‘ අම්මට හුඩු සතර පතර .... මංජු කොලුවා  නේද මේ ‘‘
 
 
ඔන්න ඔහොමයි පොරගේ හැටි
 
ඔන්න ඉතින් දම්මිකයා කොහොමද   අහලා   .... ගානක් නැතුව මල ඔතනවා
 
‘‘ආ උඹලා හදට යන්ඩද හදන්නේ ‘‘
 
‘‘ඔව් මාමේ  අපි වෙන මොනවා කරන්ඩද ‘‘
 
‘‘ හා හා ඒක හොදයි   .... මොනවහරි   කරමුකෝ  එහෙනං ‘‘
 
‘‘ මාම  කොහෙද ගියේ ‘‘
 
‘‘ මං මේ සිකරට් ගන්ඩ කඩේ ගිහින්  එන ගමං බං .... ලාම්පු  එලිය දැක්කා   ... උඹල කතා කරනවත් ඇහුනට ගොඩ උනේ ‘‘
 
‘‘ කොහෙද අනේ   හිටියේ  පහුගිය ටිකේ  දැක්කෙත්  නැනේ ‘‘
 
‘‘ නෑ නෑ ඒක නෙමෙයි  ... දැං මං එනකොට උඹලා කතා කරකර ඉදලා නැවැත්තුවේ  මොකක්ද ‘‘
 
‘‘ මේ  කපිලයගේ   කේස් එක අනේ   .... අනාතයි ගූ හතයි ‘‘
 
‘‘ ඇයි දැං උඹල එහෙම  කියන්නේ ‘‘
 
‘‘ ලැජ්ජයිනේ නිමල් මාමේ  අපි කොහොමද රෙද්දක් ඇදං පාරේ  යන්නේ  ... මූ  නංගිලව  උස්සං ගියහම ‘‘
 
‘‘ හරි දැං  උඹ කවුද  ඒකිගෙයි .... ඒකගෙයි ‘‘
 
‘‘ මං .... ඉතින්   .... ඉතින්  ... මං ... කපිලගේ  යාලුවනේ .. .... ..අනික අපේ  ඉස්කෝලේ නංගි කෙනෙක්  .... ඒකිත්  යාලුවෙක් තමා...‘‘
 
‘‘ හරි එතකොට  දම්මිකයි ... අනුරයි කවුද  ......‘‘
 
‘‘ මුන් දෙන්නා  අරුන් දෙන්නගෙ  අයිය‍ෙනේ ‘‘
 
‘‘ ඉතින් උන්ට  නැති  අමාරුවක්  මොකෝ  උඹට ‘‘
 
‘‘ උන්ටත්  එහෙමයි .... නේද  ...අ ... නේද මචං ......... අනික නිමල්  අංකල්  ලේ නෑයෝ  බදින්ඩ හොදත් නැ.... ලූ ....  අංගවිකල ළමයි හිටං හම්බෙනවලු   ‘‘
 
‘‘ මේකනේ   ලොකු  මාමේ  සීන් එක පට්ට අවුල් නේ   ....  ගමම කැලබිලා ‘‘
 
‘‘ මොනවටද දම්මික කැලබෙන්නේ ... අනුර පුතේ  ... යාලුවටවත්   කියල දුන්නේ  නැද්ද ‘‘
 
‘‘ මොකක්ද ලොකු මාමේ ‘‘
 
‘‘ මං හිතුවා  මහ උන්ට විතරයි ලෙඩේ  තියෙන්නේ  කියල ........ තොපිත්  මැරිල ඉපදිලාද ‘‘
 
‘‘ ඇයි මාමේ  එහෙම කියන්නේ ‘‘
 
‘‘ තොපි ඔක්කොම බබ්බු ‘‘
 
‘‘ කියන දෙයක් කියන්ඩ අනේ  ....වාත කරන්නේ  නැතුව .... ආ පත්තු කරනවද  ‘‘
 
‘‘ එපා   උඹල ඔලුව කාල මට නැට්ට හරිය දීහල්ලා ..... හරි හරි  .... දැං මට මෙව්වට උත්තර දීහල්ලකෝ ‘‘
 
‘‘ දැං ලොකු අයිය කවුද ‘‘
 
‘‘ ලොකු අයියා කියුවේ  නිමල් අංකල් ‘‘
 
‘‘ යකෝ මේ අනුරයගේ  තාත්ත .... ඒ දවස්වල මුන්  හතර දෙනාවම හදලා ‘‘
 
‘‘ ඉතින් ‘‘
 
‘‘ පොඩි අයියා මුන් හතර දෙනා හදලා .... කේල්ලෙක්  ඕන කියලා .... සදුනිත්  බඩේ ‘‘
 
‘‘ ඉතින්  ‘‘
 
‘‘ අර අපේ  බැල්ලිගෙ  පුතාල දෙන්නත්  හම්බෙලා  ... පොඩි එකත්  ඉස්කෝලේ   යනවා ‘‘
 
‘‘ ඉතින් ‘‘
 
‘‘ ඔය අරුණයයි ... සංජීවයි  දෙන්නාවත් දාල උන්ගේ  අම්මා  ගල්කොරියෙ  ඩයිබර් කෙනෙක් එක්ක පැනල ගියානේ , එදා ඉදන් තමයි අපේ අම්මා ඔය  කොල්ලො දෙන්නව හදාගත්තේ ,  චන්දරය ලෙහල ඇරපු ගොනා වගේ වටේ කොට කොට හිටියා ‘‘
 
‘‘ ඉතින් ‘‘
 
‘‘ ඉතින් කියන්නේ  දවසක්  .....  කයිබාන් එකක් නැතුව .... අපෝ වෙලා ඉන්නවා  පොඩි අයියයි  , ලොකු අයියයි  , මායි ..... අරක්කු ටිකක් බොන්ඩ විදිහකුත් නැ , ෂුවර්  අස්සයෝ  දෙන්නෙකුත්   ඉන්නවා ‘‘
 
‘‘ ඉතින් ‘‘
 
‘‘ ඉතින්  මම කියුවා  තුන් දෙනා එක්ක  ගිහිං ඔපරේසන්  කරගන පන්සීයත් අරං එමු කියල ‘‘
 
‘‘ ඉතින් ‘‘
 
‘‘ ඔන්න එතකොට ... අරුන් දෙන්නත් ආවා ‘‘
 
‘‘ කවුද ‘‘
 
‘‘ යකෝ  චන්දිමාගේ  මහ එකයි ... කපිලයගෙ  මහ එකයි ‘‘
 
‘‘ හෑ ඈ ... චන්දරේ  අංකලුයි ... සුමනෙ අංකලුයි ‘‘
 
‘‘ ඔව් බං ‘‘
 
‘‘ පස්සේ  අපි චිට් එකකුත් දාල  හම්බෙච්ච දෙදාස් පන්සීයෙම බීලා ගෙදර ආවා ‘‘
 
‘‘ ඉතින් ‘‘
 
‘‘ ඉතින් කියන්නේ ....  ඊටත් අවුරුද්දකට දෙකකට පස්සේ තමයි  ඔය කාන්ති  රට ඉදන් ආවේ , දැං වගේ නෙමෙයි ඒ කාලේ ටිං ටිං ගානව ‘‘
 
‘‘ ආ චන්දිමාගේ  අම්මා .... එතකොට එයා කලින්  බැදලද ‘‘
 
‘‘ බැදලද  .... යකෝ  දෙපාරක්  ලෙහලා තුන්වෙනි පාරට චන්දරේ  බැන්දේ ‘‘
 
‘‘ඉතින් ‘‘
 
‘‘ ඉතින් කොහොමද බූරුවෝ  .... අපි හතර දෙනා එක්ක  නහර කපලා පන්සීය ගත්ත එකා  අවුරුදු දෙකකට පස්සේ  දෙවනි ගෑණිට ළමයෙක් හැදුවේ ‘‘
 
Top