ටොංගා දූපත් සමූහයේ දකුණු සහ ගිණිකොනදිග සාගරයේ පිහිටි හුංගා ටොංගා (Hunga Tonga) නමැති ගිනි කන්ද අවසන් වරට විදාරණය වූයේ 2014 දෙසැම්බර් - 2015 ජනවාරි කාලසීමාවේදීය. ගිනි කන්ද විදාරණය වීමෙන් අපූරු දූපතක් නිර්මාණය වී ඇති අතර විශේෂත්වය වන්නේ එය සැතපුමක් පමණ දිගින් යුක්ත වීමයි.
නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූප ආශ්රයෙන් දූපතේ බිහිවීම පිළිබඳ වීඩියෝවක් නිර්මාණය කර ඇති අතර එම වීඩියෝවට අනුව ගිනි කන්දේ මූලය පිහිටා ඇත්තේ දූපතක කොනට වන්නටය. මෙම දූපත සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විද්‍යාඥයන් පවසන්නේ දූපත ගිනි කන්ද වටා සකස් නොවී සැතපුමක් පමණ දිගින් යුක්තව නිර්මාණය වීම පිළිතුරු සොයාගත නොහැකි ගැටලුවක් වී ඇති බවයි.
මෙම නව දූපත හුංගා ටොංගා හුංගා හාපායි (Hunga Tonga-Hunga Ha'apai) යනුවෙන් නම්කර ඇති අතර විද්‍යාඥයන් දිගින් දිගටම දූපතේ පිහිටීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් සිටී.
මෙම ගිනිකන්ද විදාරණයේදී සෑම මිනිත්තු පහකදීම මුහුදු පත්ලේ සිට අළු ඉහළට නැගී ඇති අතර එම අළු තෙතබරිතවීමෙන් දූපත නිර්මාණය වී ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.

