1150 x 80 px
කටාර් රාජ්‍යය ආක්‍රමණය කිරීමේ වෑයමක් ආරක්ෂක අමාත්‍යවරයා හෙළි කරයි.

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් කටාර් රාජ්‍යය ආක්‍රමණය කිරීමේ වෑයමක් කලක් තිස්සේ පවතින බව කටාරයේ ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා වොෂින්ටන් පෝස්ට් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර ඇත.

පසුගිය සතියේ කටාරය වෙත තුර්කි හමුදා කණ්ඩායම් පැමිණි අතර ඔවුන් මේ වන විට කටාරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියි. මේ පිළිබඳව අදහස් දැක්වූ කටාර් ආරක්ෂක අමාත්‍යවරයා වන කලීඩ් බින් මොහොමඩ් අල් අටියා පවසා සිටියේ මැද පෙරදිග අනෙකුත් සියලු අසල්වැසි රටවල් තම රට තනි කරන්නටත් රට අස්ථායී කරන්නටත් සියලු උත්සහයන් දැරූ බවත් කටාරය විසින් ඔවුන්ගේ අභිප්‍රායන් මේ වන විට ව්‍යාර්ථ කර ඇති බවත්ය.

ඔවුන් සෘජුවම හමුදාමය ආක්‍රමණයක් සඳහා සූදානම්ව සිටි බවද මෙහිදී ඔහු පැවසීය.

සිය අසල්වැසි රටවල් සමස්ත ඉස්ලාම් වර්ගයාම තමන්ට එරෙහිව පෙළ ගැස්වීමත් ඒ සඳහා පල්ලිය යොදා ගත් බවත් පවසන ආරක්ෂක අමාත්‍යවරයා මැද පෙරදිග රටවල් තමන්ට එරෙහි වන්නට තීරණය කරන අවධියේම තමන්ට එරෙහිව හමුදාව රහසින් සංවිධානය කර තිබූ බව පවසයි.

ත්‍රස්තවාදය හා මූලධර්මවාදයට කටාරය විසින් සහයෝගය දෙන බවට චෝදනා කරමින් පසුගිය ජූනි මස සිට සවුදි ආරාබිය, එක්සත් අරබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව සහ බහරෙන් යන අසල්වැසි රටවල් විසින් කටාරය සමග පැවති සියලු රාජතන්ත්‍රික සම්බන්ධතා නතර කරන ලද අතර සියළු ගොඩබිම් ගුවන් සහ මුහුදු මාර්ග වසා දමන ලදී.

නමුත් මෙම චෝදනාව කටාරය විසින් දැඩි සේ හෙළා දකින අතර ආරක්ෂක අමාත්‍යවරයා පවසන පරිදි සිරියාව ඇෆ්ගනිස්ථානය හා ඉරාකයේ ත්‍රස්ථවාදයට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදය සමග අවබෝධතා ලියවිල්ලක් අත්සන් කර ඇති කලාපයේ එකම රට කටාරයයි.

සවුදි අරාබිය සමග සතුරු රටක්වන ඉරානය සමග කටාරයට ඇති සම්බන්ධකම් පිළිබඳව විමසූ විට ඔහු ඒ් සම්බන්ධෙයන් පිළිතුරු දුන්ෙන් ෙමෙස් ය.

‘’අපි වගකීමක් දරනවා ලෝකයට විශාල වශයෙන් ඉන්ධන සපයන රට ලෙස. එය සාර්ථකව සිදු කරන්නට නම් තෙල් ලබා ගන්නා මූලාශ්‍රායන් ඉරානය සමග හුවමාරු කර ගැනීමට සිදුවනවා එම නිසා අපට සතුරන් අනවශ්‍යයි.. ‘’

කටාරයේ දැනට සිටින නායකයා වන එමීර් ෂෙයික් තමින් බින් හමාඩ් අල් තානි ධූරයෙන් පළවා හැරීමටද සවුදි අරාබිය ඇතුළු අනෙක් රටවල උත්සහයක් තිබූ බවත් පවසන ඔහු ඒ වෙනුවට ඔවුන්ගේ රූකඩයක් වන එක්සත් එමීර් රාජ්‍යයේ නායතයාගේ ඥාතියෙකු පත් කිරීමේ වෑයම අසාර්ථක වූ බවත් පැවසීය.

- හංසනී සම්පත්

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top