1150 x 80 px
කරූට නව වසරේ සුබපැතීමට ගොස් පොලිස්පතිට වුණු දේ

2017 වසර අවසානය ආසන්නයේ දිනක පොලිස්පති පූජිත් ජයසූරිය ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපති, කථානායක කරූ ජයසූරිය හමුවීමට ගොස් ඇත්තේ නව වසරට සුබපැතීම සඳහාය. එහිදී කරූ ජයසූරිය මහතා පොලිස්පතිවරයාට "මට තමුන්නාන්සේ ගැන පැමිණිලි දෙකක් ලැබිලා තියෙනවා. ඒ පැමිණිලි විභාග කරලා අපි තීරණයක් ගන්න කලින් දැන්වත් පොලීසිය ගැන හිතලා තමුන්නාන්සේ තීරණයක් ගන්න" යනුවෙන් පවසා ඇත.

 

ඊට පිළිතුරු දෙමින් පොලිස්පති පූජිත් "ඔව් සර්. මං දැනටමත් තීරණයක් අරගෙන ඉන්නේ. මේ අවුරුද්ද ඇතුළේ මං පොලීසිය ඉහළට ම අරන් යන්නයි හිතාගෙන ඉන්නේ. අවුරුදු 151ක පොලිස් ඉතිහාසයේ නොවුණු විදිහට මං හොඳම පොලිස්පති වෙන්නයි හදන්නේ සර්. මං දැනටමත් අපරාධ වලින් සීයට හැත්තෑවක් විසඳලා ඉවරයි. මං ඒක සීයට සීයක් කරන්නයි හිතාගෙන ඉන්නේ" යනුවෙන් ප්‍රකාශ කර තිබේ. ( පොලිස්පතිවරයාගේ මෙම අපරාධ විසඳීමේ ප්‍රතිශතය පෙන්වා ඇත්තේ පොලිසියට ලැබෙන පැමිණිලි භාර නොගැනීමෙන් බව ලිපියකින් අපි නුදුරේදීම හෙළිදරව් කරන්නෙමු.)

මෙහිදී කෝපයට පත් කථානායකවරයා "ඒක නෙවෙයි මනුස්සයෝ මම මේ කිව්වේ. මේ පැමිණිලි විභාග කරලා තමුන්ව තනතුරෙන් ඉවත් කරන්න කලින් නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න කියලයි මම කිව්වේ" යනුවෙන් තදින් පවසා ඇත.

"අනේ සර්. එහෙම කරන්න එපා සර්. මට තව චාන්ස් එකක් දෙන්න" කියමින් පින්සෙන්ඩු වෙමින් පොලිස්පති පූජිත් එතැනින් නික්ම ගොස් ඇත.

Top