1150 x 80 px
‘අපේ ගෙදර වෙන දේවල් අපි දැන ගන්නෙත් වෙබ් වලින් '

අද (23) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා යන බව මීට දින කීපයකට කලින් වාර්තා කරන ලද්දේ අප වෙබ් අඩවියයි.

අප වෙබ් අඩවිය කියවූ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ මිතුරෙකු ඔහුගෙන් අසා ඇත්තේ ‘තාත්ති 23 වෙනිදා බැංකොක් යනව නේද? ඔයා යන්නැද්ද?' කියාය.

මිතුරාගේ පැනයෙන් අන්ද මන්ද වී ඇති රෝහිත පෙරලා මිතුරාගෙන් අසා ඇත්තේ ‘ඇත්තටම අපේ තාත්ති 23 වෙනිදා බැංකොක් යනවාද? ඔයා කොහොමද දැන ගත්තේ ?' යනුවෙනි. එවිට මිතුරා පවසා ඇත්තේ එය අප වෙබ් අඩවියේ පලවී තිබූ බවයි.

‘හා පෝ...  වෙබ්වල තියෙන්නෙ අමු බොරුනෙ. ඕව විශ්වාස කරන්ඩ එපා. අපේ ගෙදර වෙන දේවල් අපි දන්නැතුව වෙබ් කාරයො කොහොමද දන්නෙ? උන්ට නිවුස් නැති වුනාම එක එක බේගල් ගහනව' යැයි කියා ඇත.

අද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බැංකොක් බලා පිටත්ව ගිය බව සියළු මාධ්‍යයන්හි පලවූ පසු මිතුරා රෝහිතට නැවත කතා කොට ‘අර වෙබ් කාරයො කියපු එක බොරුවක් නෙමෙයි නේද? ඔය තාත්ති ජීඑල් අංකල් එක්ක බැංකොක් ගිහිල්ල තියෙන්නෙ' කී විට රෝහිත පවසා ඇත්තේ ‘මීට පස්සෙ අපේ ගෙදර වෙන දේවලුත් අපිට බලා ගන්ඩ වෙන්නෙ වෙබ් වලින්ම තමයි' කියාය.

කෙසේ නමුදු හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික සහකාරක වශයෙන් කටයුතු කරන උදිත ලොකුබණ්ඩාර අප පුවත පලකළ දා කොළඹ 07 රීඩ් මාවතේ කොමර්ෂල් බැංකුවට පැමිණ සෙනසුරාදා  බැංකොක් යාමට කියා ඇමරිකානු ඩොලර් 2500 ක් ලබා ගැනීමෙන් අප පුවත එදිනම තහවුරු විය.

Top